(කේ බුද්ධික කුමාරසිරි)
බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත් වූ විරෝධතාවයකදී එහි පොදු දේපල වලට පහර දී විනාශ කලැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ තවත් ශිෂ්‍ය ක්‍රියාකාරියෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ළඟම ඥාතියෙකු ගේ ශරීර ඇප මතමුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය අද (10) දින නියෝග කළාය.
එහෙත් නවක වදය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලබන 12 වන දින මහර අධිකරණයෙහි පවතින නඩු කටයුත්තක් නිසාවෙන් සැකකරුවන් දෙදෙනා නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර නිළධාරීන් කටයුතු කරන ලදී
මෙම සැකකරුවන් දෙදෙනා අද (10) දින හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට මුහුණ දුන් අතර එහි සාක්ෂිකරුවන් ලෙස පොලිස් නිළධාරීන් පස් දෙනෙකු පෙනී සිටින ලදී.
ඉන් සාක්ෂිකරුවන් දෙදෙනෙකු හතරවන විත්තිකරු වන ඩිල්ෂාන් හර්ෂණ නැමැත්තා හදුනා ගැනීමට සමත් වූ අතර පස්වන සැකකරැ වන කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක යන සැකකරැ කිසිදු සාක්ෂිකරුවකු විසින් හදනා ගැනීමට අසමත් විය
මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක සහ ශිෂ්‍ය ක්‍රියාකාරීයෙනු බව කියන ඩිල්ෂාන් හර්ෂණ නැමැත්තන් වේ
මේ සම්බන්ධ ඉදිරි ඉදිරි නඩු කටයුතු අප්‍රියෙල් මස 25 දින දක්වා කල් තැබිණි
විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන කමල් විජේසිරි නුවන් බෝපගේ නුවන් ඩිල්ෂාන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටින ලදී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd