(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක් සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරිම අද සිදුවිය.
පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළේය.
මෙම අවස්ථාවට උතරු මැද හිටපු මහ ඇමති රංජිත් සමරකෝන්, හිටපු අමාත්‍යවරුන් වන එච්.බි.සේමසිංහ, ගමගේ විරසේන, කාංචන ජයරත්න අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නගරාධිපති බුද්ධික ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු අනුරාධපු දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන නියොජියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටයහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
අ‘පුරත් ඇප බඳියි
siri Tuesday, 10 January 2023 08:26 PM
මේගොල්ලෝ හැම තැනම ඇප බඳිනවා. ඒ උනාට එක්තරා පක්ෂයක ලේකම් කෙනෙක් " අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට තීරණය කළෝ " කියල යන යන තැන කිය කියා ඇවිදිනවා. දැන් ආරංචි වෙන විධිහට මැතිවරණයක් තියෙයිද කියන එක ගැනත් කිසිම විශ්වාශයක් නැති බවයි පෙනෙන්නේ. ඇප බාර ගන්න එකත් නවත්වලාලු ඔන්න. සේරම කට්ටිය බලවෙලා තියෙන හැටියට හිතා ගන්න පුළුවන් ඡන්දයක් තිබ්බොත් දිනන්නේ කවුද කියලා. පහුගියදා පැවැත්වුන සමුපකාරේ ඡන්ද දිහා බැලුවත් ඇති.