(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක් සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරිම අද සිදුවිය.

පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළු පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළේය.

මෙම අවස්ථාවට උතරු මැද හිටපු මහ ඇමති රංජිත් සමරකෝන්, හිටපු අමාත්‍යවරුන් වන එච්.බි.සේමසිංහ, ගමගේ විරසේන, කාංචන ජයරත්න අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නගරාධිපති බුද්ධික ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු අනුරාධපු දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන නියොජියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටයහ.