(රන්ජන් කස්තුරි සහ ලහිරු හර්ෂණ)

පළාත් පාලන මැතිවණයේ ඇප මුදල් බාරගැනීම නැවත දැනුම්දෙනතුරු නතර කරන්නැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කර තිබේ.

කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවකට අනුව එම නියෝගය නිකුත් කරන බවද රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගේ නියෝගයේ සදහන්වේ.