(යොහාන් භාසුර)

සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර තරග තුනකින් සමන්විත එක්දින  ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ගුවහාටිහිදී අද (10) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 67 ක ජයක් ලැබීමට සමත් වූහ.

ලකුණු 374ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 306 පමණි.
ඉන්දියාව ඕවර 50 යෙදී  කඩුලු 7 ට 373
(රෝහිත් ශර්මා 83 ශුබ්මන් ගිල් 70, විරාට් කෝලි 113, ලෝකේෂ් රාහුල් 39, කසුන් රාජිත 88/3)  
ශ්‍රී ලංකාව ඕවර 50 දී කඩුලු 8 ට 306
(පැතුම් නිස්සංක 72, චරිත් අසලංක 23, ධනංජය ද සිල්වා 47, දසුන් ශානක නොදැවී 108, මොහොමඩ් සිරාජ් 30/2, උම්රාන් මලික් 57/3)