IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුලි සේවකයෝ පෙත්සමක් අත්සන් කරති

( පුෂ්පකුමාර ජයරත්න )

මේ රටේ වෘත්තිකයින්ගේ වැටුපෙන් අයකර ගන්නා බදු මුදලට වඩා වැඩි ආදායමක් රටට අහිමි කර ඇති බැඳුම්කර වංචාවෙන් සහ සීනි බදු වංචාවෙන් රජයට ලබාගත හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ වයඹ පළාත් ශාඛාවේ ලේකම් චමින්ද හේරත් මහතා ප්‍රකාශ කළේය.

රජය විසින් ක්‍රියාත්මක කිරීමට යන නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාජිකයන් රජයට බාර දීම සඳහා දීප ව්‍යාප්තව අත්සන් කරනු ලබන පෙත්සමට කුරුණෑගලදී අත්සන් ලබා ගැනීම සිදු කළ අවස්ථාවේදී ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විදුලි ඉංජිනේරුවරුන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාජිකයෝ විශාල පිරිසක් මෙම පෙත්සමට අත්සන් තැබූහ. කුරුණෑගල රජපිහිල්ල පාරේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල භූමියේදී මෙම අත්සන් ලබා ගැනීම සිදු කෙරිණි.

 



අදහස් (3)

විදුලි සේවකයෝ පෙත්සමක් අත්සන් කරති

Lal Wednesday, 11 January 2023 09:17 AM

OT එකත් අඩු කරන්න

:       2       11

සෙනෙවිරත්න Wednesday, 11 January 2023 10:36 AM

මේවා හරියන වැඩ නෙවෙයි..,1977/78 තෙල් පෙත්සමේ ඉඳලා ගව ඝාතන පෙත්සම, කොපමන පෙත්සම් ගහලා ඇද්ද, එකක්වත් හරි ගියාද?

:       0       0

Bamunurachchi Wednesday, 11 January 2023 12:03 PM

බැඳුම් කරයේ වංචාවක් සිදුවී නැත. මනුව හරියට කිය්වාට දීමනාවක් ගෙවීම මහපොලොව උහුලන්නේ නැති වංචාවකි. ජොබ් එක වරදියට කරනවාටද පඩි ගෙවන්නේ? ඒ ගැන ඔහෙලා මොනවද කියන්නේ?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site