(අජන්ත කුමාර අගලකඩ)
මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබියදී ඒ සඳහා ඇප මුදල් බාර ගැනීමෙන් වළකින්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ දරුණුම ප්‍රහාරයක් බව නිදහස ජනතා සභාවේ නායක මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
එය සම්පූර්ණයෙන්ම අනීතික ක්‍රියාවක් බවද ඔහු සඳහන් කළේය.
මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී ඊට එරෙහිව මේ ආකාරයට කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලයටවත් නොහැකි බව පැවසූ අලහප්පෙරුම මහතා මෙයට දැඩිසේ විරෝධය පළ කරන බවද ප්‍රකාශ කළේය.
මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී ඊට අදාළ සියලු කටයුතු නිල බලයෙන් පැවරෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට බවත් ඒ කටයුතුවලට බාධා කිරීමට කිසිවකුටත් හැකියාවක් නැති බවත් ඩලස් අලහප්පෙරුම මහතා කීවේය.
රජයේ මේ අනීතික ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පරිපාලන ගොන් තඩියන්ට නීතිය ගැනවත් ප්‍රජාතන්ත්‍රවාදය ගැනවත් දැනුමක් නැහැ.ඔවුන්ගේ විශේෂම දක්ෂතාවය මැති ඇමතිලා ගහන ගහන පදේට නටන එක
මොහුට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් පවත්වා දඬුවම් ලබා දිය යුතුයි .අනීතික තීරණ ගන්න මෙබඳු මීහරක් නිලධාරීන් රටට සාපයක්.සේවයෙන් පහ කරනු
ලංකාවාසී ජනතාවගේ පරමාධිපත්‍ය බලයට කරන අනීතික රාජ්‍ය බලපෑම් පිළිබඳව, එකසත් ජාතීන්ගේ සංවිධානය විසින් මැදිහත් වී විමසුමට බඳුන් කළ යුතු ය. පරීක්ෂාවට ලක් කළ යුතු ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට හිමි බල තල ප්‍රතිබාහනය කිරීමට, මහජන මුදලින් පඩි බලන රජයේ නිළධාරීන්ට හෝ කිසිවෙකුටත් ම හෝ බලයක් හිමි කමක් නැත. එසේ යමෙක් කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාය වලපල්ලට යැවීමට කරන උත්සාහයක් බව ද කිව යුතු ය. මෙම ක්‍රියාව සම්බධව, එකසත් ජාතීනගේ සංවිධානය විසින්, වහා මැදිහත් වී සොයා බලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට ක්‍රියා කළ යුතු බව අපගේ අදහස ය. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වගකීම සහ යුතුකම ය.
ප්‍රජාතන්ත්‍ර විරෝධී හොරෙක් පිනට ජනාධිපති වෙලා ඉන්න ආණ්ඩුවක් තියාගෙන ඉන්න කමක් නැතිනම් මේකෙ ප්‍රජාතන්ත්‍රවාදී කම ගැන හොයන්න වදවෙන්න එපා. මොකද පළමු එක මීට වැඩිය දරුණුයි.