(ඩයනා උදයංගනී සහ ලහිරු හර්ෂණ )
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය එළිදැක්වීම කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී හෙට (11) පස්වරු 3.30 ට සිදුකෙරේ.
මෙම සන්ධානය ‘නිදහස් ජනතා සන්ධානය’ යනුවෙන් නම් කර ඇති අතර, එහි ලකුණ ‘හෙලිකොප්ටරය’ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ලේකම් තිසර ගුණසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, පොදුජන පෙරමුණේ වෙන්වූ ඩලස් අලහප්පෙරුම මහතාගේ ඇතුළු නිදහස ජනතා සභාව, විමල් වීරවංශ මහතා සභාපතීත්වය දරණ ‘උත්තර ලංකා සභාගය’ නියෝජනය කරන ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, විජය ධරණී ජාතික සභාව, යුතුකම සංවාද කවය ආදී පක්‍ෂ මෙන්ම ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ කිහිපයක් ද මෙම සන්ධානය නියෝජනය කරන බව ඔහු සඳහන් කළේය.
මෙම අවස්ථාවට නව සන්ධානය නියෝජනය කරන පක්‍ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40ක් පමණ සහභාගීවීමට නියමිත බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැනික්කියා ඉන්න කිසිම සන්ධානයක් හෝ පක්ෂයක් විශ්වාස බැහැ
රොකට් එක නියමයි මොකද බඩු මිල රොකට් වගේ යවන්න මේ අයත් හවුල් වුනානේ.
ඇප බඳින්න හෙලිකොප්ටරෙන්. චන්දෙට පස්සේ කකුල් දෙකෙන්.
මේක ඇතුලේ හොරු ටිකක් ඉන්න එක තමයි ගැටලුව. මේකේ නායකයා ඩලස් වියුතුමයි. මෛත්‍රි නායකයා වුනොත් දෙයියන්නේ පිහිටයි. පොහොට්ටුවේ චන්ද ටික කැඩීමේ අරමුණ ඇත්නම් මේ වැඩේ සාර්තක වන්න පුළුවන්. ආණ්ඩු බලය ගන්න නම් බෑ දොරේ.
හෙලිකොප්ටර් එකක නෙමෙයි දහයක එන්න බැරිද, රට බංකොලොත් වෙනකන් හොරකම් කරපු සල්ලි වලින්.?
මරු වැඩේ හෙලිකොප්ටර් එකෙන් අවට, අපහු පනින්න වෙන්නෙත් හෙලිකොප්ටර් එකෙන් බව මතක තියාගනිව්. වැරදි බස් එකෙ නෙග්ග එවුන් දෙන් හෙලිකොප්ටර් එකෙන් අවට ඕක බිමට වැටෙනවා.
පරන මුහුණ වල් අලුත් නමකින්
හෙලිකොප්ටරයෙන් නෙමේ ජෙට් එකෙන් ආවත් එක වල්ලේ පොල් .
" ජෙට් බට් එරෝප්ලෙන් රොකට් උඩ ගියාට මහ සද්දෙන් .. නතරවෙන්නෙ අවසානේ පොළොවේ හතර රියන මැද්දෙන් .. " ( ප්‍රෙඩී සිල්වා මහතාගේ ගීතයක් )