
(යොහාන් භාසුර)
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රමවේදය සඳහා සාමාන්‍යයෙන් දින 45 ත් 50 ත් අතර කාලයක් ගතවන බවත් කැබිනට් යෝජනාවට අනුව පෙබරවාරි මස 15 වැනිදාට පෙර කළ එය කළ නොහැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩල ඉදිරිපත් කළ යෝජනාව සහ ගාස්තු සංශෝධනය මහජන උපයෝගිතා කොමිසම අදාල පාර්ශව සමඟ සාකච්ඡා කර කිසියම් සංශෝධනයක් වියයුතු නම් කරන බව කී රත්නායක මහතා එම ක්‍රමවේදයට අනුව කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.
අන්තර්කාලීන පියවරක් වශයෙන් මෙම වසරේ ජනවාරි මස 1 වැනිදා සිට විදුලි ගාස්තු සංශෝධන ක්‍රියාත්මක වන ලෙස කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබුණ ද අන්තර්කාලීන සහ අතීතයට බලපාන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ප්‍රතිපාදන පනතේ නොමැති නිසා එවැන්නක් කළ නොහැකි බව කී රත්නායක මහතා සඳහන් කළේ කැබිනට් මණ්ඩලය හෝ ආණ්ඩුව බලාපොරොත්තු වන දේ කොමිසමට වැඳගත් නොවන නිසා විදුලිබල පනතට අනුව කටයුතු කරන බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මහජනතාවට ආදරයට මේවා කරන කෙනෙක් නෙමෙයි. මෙයා කරන්නේ දේශපාලන උවමනාවක් පිරිමහින එක. මොහු ගේ ක්‍රියාවල් ආයතන සංග්‍රහයට එකඟද කියලා බලන්න උවමනාය.
Jocker of the country
මෙහම මාටියෙක් ඉන්න එකවත් ලොකු දෙයක්. මුන්ගෙ හතර වරන් ගහන ඒවා නගිනෙත් අපේ කරපිට.
බලමුකෝ සදේ වගේ ම වැඩත් තියෙනව ද කියලා.
ජනතාවට සහනාධාර දෙනවා කියන්නේ දේශපාලකයන්ට නිලධාරීන්ට වංචා දුෂණ කරන්න දෙන බලපත්‍රයක්. කිසිම සහනාධාරයක් නැති දවසට ජනතාව සකලවිද දුෂණයන්ට එරෙහිව පාරට බහිනවා නොඅනුමානයි.
මිල වැඩි නොකරනවා නම්, පාඩු වෙනවා නම් මිල වැඩි කරන්නම වෙනවනේ... මේ කරන්නේ මිනිස්සුන්ගේ හිත දිනාගෙන රට අමාරුවේ දැමීමක්නේ.. සමස්ත සේවා සහ නිෂ්පාදන පුද්ගලික අංශයට බාර දුන්නා නම් මේ වගේ සංදර්ශන ඕනෙ නැහැනේ..