IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කැබිනට් යෝජනාවට අනුව බිල වැඩි කරන්න බෑ

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ක්‍රමවේදය සඳහා සාමාන්‍යයෙන් දින 45 ත් 50 ත් අතර කාලයක් ගතවන බවත් කැබිනට් යෝජනාවට අනුව පෙබරවාරි මස 15 වැනිදාට පෙර කළ එය කළ නොහැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) පැවසීය.

ලංකා විදුලිබල මණ්ඩල ඉදිරිපත් කළ යෝජනාව සහ ගාස්තු සංශෝධනය මහජන උපයෝගිතා කොමිසම අදාල පාර්ශව සමඟ සාකච්ඡා කර කිසියම් සංශෝධනයක් වියයුතු නම් කරන බව කී රත්නායක මහතා එම ක්‍රමවේදයට අනුව කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ද සඳහන් කළේය.

අන්තර්කාලීන පියවරක් වශයෙන් මෙම වසරේ ජනවාරි මස 1 වැනිදා සිට විදුලි ගාස්තු සංශෝධන ක්‍රියාත්මක වන ලෙස කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබුණ ද අන්තර්කාලීන සහ අතීතයට බලපාන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ ප්‍රතිපාදන පනතේ නොමැති නිසා එවැන්නක් කළ නොහැකි බව කී රත්නායක මහතා සඳහන් කළේ කැබිනට් මණ්ඩලය හෝ ආණ්ඩුව බලාපොරොත්තු වන දේ කොමිසමට වැඳගත් නොවන නිසා විදුලිබල පනතට අනුව කටයුතු කරන බවත්ය.



අදහස් (9)

කැබිනට් යෝජනාවට අනුව බිල වැඩි කරන්න බෑ

anura Tuesday, 10 January 2023 05:05 PM

මෙයා මහජනතාවට ආදරයට මේවා කරන කෙනෙක් නෙමෙයි. මෙයා කරන්නේ දේශපාලන උවමනාවක් පිරිමහින එක. මොහු ගේ ක්‍රියාවල් ආයතන සංග්‍රහයට එකඟද කියලා බලන්න උවමනාය.

:       26       6

චින්තක Tuesday, 10 January 2023 06:29 PM

ආයතන සංග්‍රහය මේකට කොහොමත් අදාලම නැහැ මුදල් රෙගුලාසි අදාල වෙන්න වුනත් විදුලි බල මණ්ඩලයට හා උපයෝගිතා කොමිසමේ ව්‍යවස්ථාව අනුව අනුමත නැත්නම් එයටත් අදාල නැහැ මම හිතන්නේ මොවුන්ට අදාලව භාණ්ඩාගාරයෙන් උපදෙස් නිකුත්කරනවා ඇතිකියලා.

:       1       11

කමල්Tuesday, 10 January 2023 08:31 PM

ඒ මනුස්සයා දේශපාලනය කරනවා හරි නැතා හරි අන්තිමට පොඩි මිනිහා පැත්තට ඉන්නේ මේ මනුස්සයා විතරයි. අනික හැමෝම මේ මනුස්සයාට බනිනවා විතරයි මේ මනුස්සයා කියපු එක දෙයක් බොරුවක් කියල ඔප්පු කරලා නෑ. ඇත්ත තිත්තයි කියන්නේ ඕක තමයි.

:       0       4

Lal Tuesday, 10 January 2023 05:17 PM

Jocker of the country

:       24       6

සෑම්Tuesday, 10 January 2023 08:56 PM

ඇයි, ලාල් ආස බිල වැඩි කරනවටද?

:       1       3

C.K.Lankaputhra Tuesday, 10 January 2023 06:43 PM

මෙහම මාටියෙක් ඉන්න එකවත් ලොකු දෙයක්. මුන්ගෙ හතර වරන් ගහන ඒවා නගිනෙත් අපේ කරපිට.

:       0       0

මහසෙන් Tuesday, 10 January 2023 06:43 PM

බලමුකෝ සදේ වගේ ම වැඩත් තියෙනව ද කියලා.

:       0       0

surath Tuesday, 10 January 2023 09:04 PM

ජනතාවට සහනාධාර දෙනවා කියන්නේ දේශපාලකයන්ට නිලධාරීන්ට වංචා දුෂණ කරන්න දෙන බලපත්‍රයක්. කිසිම සහනාධාරයක් නැති දවසට ජනතාව සකලවිද දුෂණයන්ට එරෙහිව පාරට බහිනවා නොඅනුමානයි.

:       1       0

sampath Thursday, 12 January 2023 09:24 PM

මිල වැඩි නොකරනවා නම්, පාඩු වෙනවා නම් මිල වැඩි කරන්නම වෙනවනේ... මේ කරන්නේ මිනිස්සුන්ගේ හිත දිනාගෙන රට අමාරුවේ දැමීමක්නේ.. සමස්ත සේවා සහ නිෂ්පාදන පුද්ගලික අංශයට බාර දුන්නා නම් මේ වගේ සංදර්ශන ඕනෙ නැහැනේ..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site