(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම පිහිටි නිවසක් බ්‍රිතාන්‍ය ජාතිකයකුට පෙන්වා එම නිවස ඔහුට ලබාදෙන බව පවසමින් රුපියල් මිලියන 15.5 ක මුදලක් වංචා කළ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අද(10) අත්අඩංගුවට ගනු ලැබීය.
බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම කළුවාමෝදර පදිංචි 57 හැවිරිදි අයෙකි.
මෙම සැකකරු නිවස පෙන්වා මුදල් ලබාගෙන නිවස ලබානොදී මූල්‍යවංචාව කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සිද්ධියට සම්බන්ධ සැකකරු සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශන සිදු කෙරෙන අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොට්ට සුද්දෙක් වගේ අහුවෙලා තියෙන්නේ...!!!
මෙවැනි හොරුන්ට දැඩි දඬුවම් දෙන්න...