(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

නව දුම්රිය කාලසටහනක් ලබන මස මුලදී හඳුන්වා දෙන බව  ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එසේම දුම්රිය ගමන්වාර අවලංගු වීම නැවැත්වීමට මේ මස අග වැඩපිළිවෙළක් සකස් කරන බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ  ප්‍රවාහන හා මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක  සභා රැස්වීමේදීය.

මෙම රැස්වීම පාර්ලිමේන්තුවේ දී ඉකුත් 5 වැනිදා පැවැත් විණ.