
(යොහාන් භාසුර)
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදු කිරීම සාධාරණ නොවන නිසා එම කාලය තුළ විදුලි කප්පාදුව අත්හිටුවීමට ක්‍රමයක් සකස් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) පැවසීය.
විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදු නොකරන ලෙස ඉල්ලා සිටින ලෙස සහ විභාග කාලසටහන යොමුකරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් කොමිසම ලිඛිත ඉල්ලීමක් මේ වන විටත් කර ඇති බවත් රත්නායක මහතා වැඩි දුරටත් පැවසීය.
අපොස උසස් පෙළ විභාගය (2022) මෙම මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාගය තියෙන දවසට විදුලිය නොකැපුවට, විභාගයට ඉගනගන්න ඕන දැන් ඉඳලා නේද.?