(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නියෝජ්‍ය කථානායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා කුලී පදනම මත ලබා ගත් පුද්ගලයකු ගංජා හේනක් පවත්වාගෙන ගියේ යැයි කියයන චෝදනාවක් සම්බන්ධයේන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ සූරියවැව ප්‍රදේශයේ පදිංචි අයෙකි.
නියෝජ්‍ය කථානායකවරයාට අයත් බව කියන මත්තල ගම්මිරිස්කමත ප්‍රදේශයේ පිහිටි අක්කර 50 කින් යුත් ඉඩමෙන් අක්කර 10 ක පමණ කොටසක් එළවළු සහ පලතුරු වගා කිරීම සඳහා කුලී පදනම මත සූරියවැව ප්‍රදේශයේ පදිංචි සැකකරුට ලබාදී ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම සැකකාර පුද්ගලයා කුලී පදනම මත ලබාගත් එම ඉඩමේ අක්කර දෙකහමාරක පමණ ප්‍රමාණයක ගංජා වවා තිබූ බව පොලිස් විශේෂ කාර්යය බළකා ආරංචිමාර්ග සඳහන් කරයි.
කතරගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු බුද්ධි තොරතුරක් මත එම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත ගංජා හේනේ අඩි පහක් පමණ උසට සරුවට ගංජා වැවී තිබුණු බව පැවසේ.
ගංජා පැල පැළ කොටසක් නඩු භාණ්ඩ වශයෙන් සැකකරු සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට ගෙන සෙසු ගංජා පැල ගිනි තබා විනාශ කර දමා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන නියෝජ්‍ය කතානායකයාට අක්කර 50 ලැබුනේ කොහොමද කියලා ඉස්සෙල්ලාම හොයලා බලන්න. අක්කර 50 ගන්න සල්ලි ලැබුනේ කොහොමද ? ගංජා වවපු මනුස්සයා පොලිසියට කොටුවුණ නිසා දැන් ඒ කුණු ඔක්කොම මිනිහා පිට පැටවුවා වෙන්න බැරිද ? මිට කලින් ඔය මනුස්සයා වෙනුවෙන් ගංජා වැවුවා වෙන්න බැරිද ? අපි දැක්කා පොලිසියේ ලොකුම ලොක්කෙක්ගේ ගෙදර සිවිලිමේ උඩ තිබුන ගංජා තොගයක් එස් ටි එෆ් එකෙන් අල්ලාගත්තා.
අපිට හිතාගන්න පුළුවන් ගංජා වැව්වේ කවුද කියලා. මුදලට මහ උළුගෙදරට යන්න කැමති මිනිස්සු ඉන්නවානේ.
ත්‍රයිලෝක විජය පත්‍ර වගාකොට ඩොලර් බිලියන ගණනක් ජාතික ආර්ථිකයට එකතුකොට,රට ගොඩගැනීමට අගනා ව්‍යාපෘතියක් ගැන සිතුවා වෙන්නට බැරිද ? හික් .. හික් ..
නියෝජ්‍ය කතානායක බබෙක්. එය ඔහු සමඟ සම්බන්ධයක් නැත. මේ ඉඩම සාමාන්‍ය මිනිසෙකුට අයිති නම් මොකද වෙන්නේ. රජයේ හමුදා පමණක් නොව මාධ්‍ය ද දූෂිත දේශපාලකයන් ආරක්ෂා කරයි.
කුලී පදනම මත දුන්නත් එම දේවල් ගැන ඉඩමේ අයිතිකරුගේත් වගකීමක් තියෙනවා නේද.