
(ඩයනා උදයංගනී)
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පාස්කු ඉරුදින වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා කරන්නේ නම් තම පාලන සමයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරවල වගකීම ද ඇය භාරගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා පොදුජන පෙරමුණ සමඟ හැදූ ආණ්ඩුවේ උපදේශිකාවක් ලෙස ද කටයුතු කරන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඔවුන් හා එක්ව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බව ද ජයසේකර මහතා සඳහන් කළේය.
රනිල්, චන්ද්‍රිකා ඇතුළු පාර්ශව ඊ ළඟ මැතිවරණයට එක්ව තරඟ කරන්න සූදානම් වන අතරතුර රට තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ද සහභාගීත්වයෙන් ගොඩනැගෙන බටහිරට ගැති නොවූ වාමාංශික බලවේගය විනාශ කරන්නට සැරසෙන බව කී මහලේකම්වරයා බටහිර බලවතුන්ගේ ඔඩොක්කු කුක්කන් වන ඒ අය ගැන ජනතාව දැනගත යුතු බව ද කීවේය.
පක්‍ෂ මහලේකම්වරයා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේ දී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම එකතුවෙලා රට විනාශ කරපු එක තමයි කලේ. මේ කාටවත් ආයේ ඡන්දයක් නම් දෙන්න එපා.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ජීවිතය පමණක් නොවෙයි චන්ද්‍රිකාගේ දේශපාලන ජීවිතය විනාස උනත් අපිට කමක් නැත.