යුනිට් ට්රස්ට්වලට ඉල්ලුම ඉහළට
මෙරට තුළ ඒකක භාර හෙවත් යුනිට් ට්‍රස්ට් (Unit Trust) වල කරන ආයෝජන කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් පෙන්නුම් කරන බව වාර්තා වෙයි. ඒ අනුව මේ වසරේ අගෝස්තු මාසය අවසන් වනවිට යුනිට් ට්‍රස්ට් වල ආයෝජන කර ඇති ආයෝජකයන් සංඛ්‍යාව 131,609ක් වන අතර, එම ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 601ක් (601,225,517,869.32ක්) බවට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා යුනිට් ට්‍රස්ට් සංගමය (Unit Trust Association of Sri Lanka) නිකුත් කළ දත්ත වාර්තා වල සටහන්ව තිබේ.