SLT-MOBITEL මහනුවර පාරිභෝගික සමාජයට පසුගියදා වසර 10 ක් සම්පූර්ණ විය. 2015 වසරේදී ආරම්භ කරන ලද මෙම පාරිභෝගික සමාජය, වෘත්තිකයන්, ව්‍යවසායකයන්, වෛද්‍යවරුන්, නීතිඥයන් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු මහනුවර ප්‍රදේශයේ SLT-MOBITEL පාරිභෝගිකයන් එක් වී පිහිටුවාගත් අතිශය ක්‍රියාශීලී එකමුතුවකි. 

දශකයකට අධික කාලයක් තිස්සේ මෙම සමාජය SLT-MOBITEL සහ පාරිභෝගිකයන් අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරන අතරම දීර්ඝකාලීන සම්බන්ධතා ගොඩනංවමින්, දැනුම හුවමාරු කරගැනීමට අවස්ථාව සලසා දෙමින්, සමාජයේ යහපතට අර්ථවත් ලෙස දායක වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශක්තිමත් පදනමක් බවට පත් වී තිබේ. 

මහනුවර පාරිභෝගික සමාජය සෑම වසරකදීම අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිසරය, ක්‍රීඩා හා විනෝදාස්වාදය ඇතුළු විවිධ අංශ ආවරණය වන පරිදි ප්‍රජා සත්කාරමය ක්‍රියාකාරකම් සංවිධානය කරයි. ඒ සඳහා එහි සාමාජික සාමාජිකාවන් සියලු‍ දෙනාම පාහේ ඉතාමත් සක්‍රීයව දායක වෙති. මෙම ක්‍රියාකාරකම් මගින් ප්‍රදේශයේ ජනතාවටත් පරිසරයටත් සුවිශාල යහපතක් සිදු වී තිබේ. 

SLT-MOBITEL මහනුවර පාරිභෝගික සමාජයේ 10 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කළ එහි 10 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා මහනුවර Devon Hotel හිදී පැවැත්විණි.