රට තුළ විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථවල ඇති බැටරිවල පැවතිය යුතු අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් පසුගියදා රැස් වුණු මුදල් කාරක සභාවේ අවධානයට ලක් වූ බව වාර්තා වෙයි.
පසුගියදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බලධාරීන් එම කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා සිදු කෙරී තිබේ.
ඒ අනුව එම ප්‍රමිතිය සහ මෙම බැටරි බැහැර කිරීමේදී පරිසරයට වන බලපෑම් පිළිබඳව වගකිවයුතු රටවල් ක්‍රියාකරන ආකාරය අධ්‍යයනය කර වාර්තාවක් ලබා දෙන ලෙස එම කාරක සභාව එම දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ කර තිබේ.
විශේෂයෙන්ම රට තුළ විදුලියෙන් ක්‍රියාත්මක මෝටර් රථවල භාවිතය ඉහළ යෑමත් සමගින්ම ඒවායේ බැටරිවල ප්‍රමිතිය සහ ඒවා බැහැර කිරීමේක්‍රමවේදය පිළිබඳව මෙලෙස අවධානය යොමුව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd