
වසර තුනකට අදාළ කොන්ත්‍රාත්තුවල වටිනාකම එක්සත් අරාබි එමීරයේ ඩිරාම් මිලියන 40.64 ක්
ශ්‍රීලංකන් ගුවන් සමාගම එක්සත් අරාබි එමීරයේ ඩුබායි ගුවන් තොටුපොළේදී සිදු කරන මගී සහ බිම් මෙහෙයුම් මෙන්ම භාණ්ඩ ගබඩා සඳහා වන කොන්ත්‍රාත්තු එහි ක්‍රියාත්මක Dnata සමාගම වෙත පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව රජය පවසයි.
ඒ අනුව 2026 අප්‍රේල් 01 සිට 2029 මාර්තු 31 දක්වා ගුවන් මගීන් සහ භූමි සේවා හසුරුවාලීමේ කොන්ත්‍රාත්තුව පිරනැමී ඇති අතර, එහි ඇස්තමේන්තුගත පිරිවැය එ.අ.එ. ඩිරාම් මිලියන 33.04 කි. එසේම 2026 ජූලි 01 සිට 2029 ජූනි 30 දක්වා කාලසීමාවක් සඳහා භාණ්ඩ ගබඩා හසුරුවාලීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමී ඇති අතර, එහි ඇස්තමේන්තුගත පිරිවැය එ.අ.එ. ඩිරාම් මිලියන 7.6 කි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම වර්තමානයේදී ඩුබායි ගුවන්තොටුපොළ වෙත ගුවන් මගීන් සහ භාණ්ඩ තොග රැගත් නිශ්චිත කාලසටහන්ගත ගුවන් ගමන් මෙහෙයුම් සිදු කරයි.
ඩුබායි ගුවන්තොටුපොළෙහි එකී සේවාව සපයනු ලබන එකම සමාගම වන්නේද Dnata සමාගමයි. එම සමාගම සමගින් මීට පෙර අත්සන් කර තිබූ සම්මත බිම් මෙහෙවර සේවා ගිවිසුම 2026-03-31 දිනෙන් අවසන් වී ඇත. භාණ්ඩ ගබඩා හසුරුවාලීමේ සේවා සැපයීම සඳහා අත්සන් කරනු ලැබ ඇති සම්මත බිම් මෙහෙවර සේවා ගිවිසුම 2026-06-30 දිනෙන් අවසන් වීමට නියමිත ය.
ඒ අනුව ලංසු ඇගයීමේ කමිටුවේ සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd