Aitken Spence සමාගම “Clean Today – Green Tomorrow” වැඩපිළිවෙළට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග අත්වැල් බැඳ ගනියි
ලෝක පරිසර දිනය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව (SLAF) සමග එක් වූ එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී ^Aitken Spence PLC) සමාගම, සේවා වනිතා ඒකකය විසින් දියත් කරන ලද “Clean Today – Green Tomorrow” පාරිසරික වැඩසටහන සඳහා අත්වැල් බැඳගෙන ඇත. පාරිසරික වගකීම් පිළිබඳ පිළිවෙත් අධ්‍යයනයට, ඒවා දැක-බලා ගැනීමට සහ ප්‍රායෝගිකව එකී පිළිවෙත් යොදා ගැනීමට අවස්ථාව උදා කරදෙමින් ගුවන් හමුදා කඳවුරු වල සිටින්නන් හා ඒ අවට ප්‍රජාව තුළ තිරසර බව සම්බන්ධ වගකීම හා හැඟීම ඇති කි