
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බ්‍රවුන්ස් බීච් හොටේල්ස් පීඑල්සී සමාගමෙහි කොටස් ගනුදෙනු යළි ආරම්භ කරන බව පවසයි. ඒ අනුව පසුගිය අප්‍රේල් 17 වැනිදා සිට ලබන අප්‍රේල් 27 වැනිදා දක්වා ගනුදෙනු දින හතක කාලයක් සඳහා මෙම ගනුදෙනු සිදු වීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් අදාළ කාලසීමාවෙන් පසුව කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිසිතුගතවීමේ රෙගුලාසි වගන්ති 14.1.3 යටතේ එම කොටස් ගනුදෙනු කිරීම අත්හිටුවන බව එම හුවමාරුව නිවේදනයක් මගින් සඳහන් කරයි.
බ්‍රවුන්ස් බීච් හොටේල්ස් පීඑල්සී සමාගම පසුගිය ජනවාරි මාසයේදී නිවේදනයක් නිකුත් කරමින් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමෙන් ඉවත් වන සඳහන් කළේය. 2019 වසරේ සිට සංචාරක කර්මාන්තය වෙත ඇති වූ බලපෑම් සිය ව්‍යාපාරය වෙත දරුණු ලෙස බලපෑම් එල්ල කළ බව සමාගම එහිදී සඳහන් කර තිබුණි.
ඒ අනුව කොටසකට රුපියල් 30ක් බැගින් ලබාදී මෙම ලැයිස්තුගතවීමෙන් ඉවත්වීම සැලසුම විය. කෙසේ වෙතත් ඒ සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබාගත යුතු විය.
ලැයිස්තුගතවීමේ රෙගුලාසි වගන්ති 14.1.3 යනු සමාගමක් ස්වේච්ඡාවෙන් සිදු කරන ලැයිස්තුගතවීමෙන් ඉවත්වීමේ තීරණයකට අදාළව කටයුතු සිදුවන ක්‍රමවේදයයි.
ඒ අනුව මෙම ලැයිස්තුගතවීමෙන් ඉවත් වීම සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නම්, එම කොටස් ගනුදෙනු දින හතක (07) සීමිත කාලයකට නැවතත් ගනුදෙනු සඳහා අනුමැතිය ලබාදීමට කොළඹ කොටස් හුවමාරුවට හැකියාව ලැබෙයි.
මෙලෙස බ්‍රවුන්ස් බීච් හොටෙල්ස් පීඑල්සී කොටස් යළි ගනුදෙනු ආරම්භ වූ පසුගිය අප්‍රේල් 17 වැනිදා ගනුදෙනු අවසානයේදී එහි කොටසක් රුපියල් 28.00 ක් ලෙස සටහන් විය. එය අවසන් ගනුදෙනු දිනයේ කොටසක පැවැති රුපියල් 23.20 ක වටිනාකමට සාපේක්ෂව රුපියල් 4.80ක එනම් සියයට 20.69ක ඉහළ යාමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd