අල්මාස් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම බ්‍රවුන්ස් සමූහයට අයත් Agstar PLC සමාගමෙහි පවත්වාගෙන ගිය කොටස් හිමිකාරීත්වය සියයට 10 ඉක්මවීමට සමත්වූ බව පවසයි. පසුගිය අප්‍රේල් 17 වැනිදා එම සමාගම මගින් Agstar PLC හි තවත් කොටස් 4,924,997ක් (සියයට 1.07ක්) මිලදී ගැනීමත් සමගින් මෙම ප්‍රතිශතය ඉහළ ගොස් තිබේ. මෙහිදී කොටසක් රුපියල් 11ක් සහ 12ක් යන මිලකට මෙම ගනුදෙනුව සිදුව ඇති අතර, ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 56,6කි.
මෙම මිලදී ගැනීමට පෙරාතුව අල්මාස් හෝල්ඩිංග්ස් සතු Agstar PLC කොටස් ප්‍රමාණය 41,291,284ක් ලෙස සටහන්ව තිබූ අතර, එය සමස්ත කොටස් අතරින් සියයට 8.95 කි. ඒ අනුව අලුතින් මිලදී ගත් මෙම කොටස් ප්‍රමාණයත් සමගින් එය කොටස් 46,216,281 ක් එනම් සියයට 10.02 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Agstar PLC හි සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් සියයට 58.32ක් බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී වෙත හිමිව තිබේ. අල්මාස් හෝල්ඩිංග්ස් සමාගම මෙරට ප්‍රමුඛතම ආයෝජකයකු වන ඉම්තියාස් බුහර්දීන් මහතාට අයත් සමාගමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd