අයවැය අභියෝගය: තරඟකාරී අපනයන අංශයක්
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වූ සෑම රටක්ම එම ආර්ථික ශක්තිය ගොඩනගා ගනු ලැබුයේ වේගවත් අපනයන ප්රවර්ධනයකින් බව අමුතුවෙන් කිව යුතු නැත. 1960-80 දශකවල ජපානය, දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව, හොංකොං වැනි නැගෙනහිර ආසියාතික රටවල් අත්දකින ලද වේගවත් ආර්ථික වර්ධනයට සහ සංවර්ධනයට මූලික අඩිතාලම වූයේ අපනයන ප්රවර්ධනයයි.