
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී සමාගමට පසුගියදා පැවති Effie Awards Sri Lanka 2025 හිදී ‘Finance’ කාණ්ඩය යටතේ ලෝකඩ සම්මානයක් හිමි විය. ඒ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාවට නංවන ලද ‘Uplifting the Sri Lankan Three-Wheel Community’ ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙනි.
ව්‍යාපාරික ඉලක්ක ළඟා කරගැනීම සඳහා නිර්මාණශීලීත්වය විශිෂ්ට ලෙස භාවිත කරන අතරම වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවා සමීප කරවමින් අඩු පහසුකම්ලාභී ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස මෙම වැඩසටහන ආරම්භ කරන ලද අතර, එහි සාර්ථකත්වය මෙම සම්මානය මගින් මැනවින් පිළිබිඹු වේ.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Effie සම්මාන උළෙල, මෙරට අලෙවිකරණ සහ දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ වඩාත්ම ගෞරවණීය සම්මාන උළෙලක් ලෙස සැලකේ. එහිදී පැහැදිලි ක්‍රමෝපායික චින්තනයක් පදනම් කරගනිමින් නිර්මාණය වූ සහ සාර්ථක ප්‍රතිඵල ලබා දෙන සන්නිවේදන වැඩසටහන් ඇගයීමට ලක් කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය, එහෙත් සාමාන්‍යයෙන් නිසි පිළිගැනීමක් නොලබන පිරිසක් වන ත්‍රිරෝද රථ රියැදුරන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාවට නංවන ලදී. මෙම රියැදුරන් අතරින් බොහෝ දෙනකුගේ ප්‍රධාන ආදායම් මාර්ගය මෙය වන අතර, ඒ ඔස්සේ ඔවුහු තම පවුල්වලට මෙන්ම රටේ අවිධිමත් ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙති.
මෙම වැඩසටහන යටතේ මෙම පිරිස සමග ඍජුව සම්බන්ධ වීම සඳහා ජනශක්ති ෆිනෑන්ස් විසින් ඩිජිටල් මාධ්‍ය, සාම්ප්‍රදායික මාධ්‍ය සහ එළිමහන් ප්‍රවර්ධන ක්‍රියාකාරකම් පෙළක් සංවිධානය කරන ලදී. එහිදී මෙම රියැදුරන් සමාජයේ යහපත වෙනුවෙන් ඉටුකරන මෙහෙවර අගය කරන අතරම ඔවුන්ගේ ආදායම් උත්පාදනය සහ ජීවනෝපාය මාර්ගවල ස්ථාවරත්වය වෙනුවෙන්ම සැලසුම් කරන ලද මූල්‍ය විසඳුම් පෙළක්ද හඳුන්වා දෙන ලදී. වගකීමක් සහිත මූල්‍ය සේවා තෝරා ගැනීමට ඔවුන් යොමුකරවමින්, තම රථවාහන නඩත්තු කිරීමට හෝ අලුත් වාහන මිලදී ගැනීමට ඔවුන්ට අත්වැලක් වීම එහි ප්‍රධාන අරමුණ විය.
“මේ ප්‍රවර්ධන වැඩසටහන මෙලෙස ලෝකඩ සම්මානයකින් පිදුම් ලැබීම අපට මහත් සතුටක්. ලංකාවේ ජීවන හා ආර්ථික පැවැත්මට උරදෙන දෛනික ව්‍යවසායකයන් අගයන අතරම, ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සහ ආර්ථික ශක්තිය වැඩිදියුණු කරන මූල්‍ය විසඳුම් හඳුන්වාදීම සඳහා අප දක්වන උනන්දුව මෙමගින් මැනැවින් පිළිබිඹු වෙනවා. එමෙන්ම මෙය ව්‍යාපාරික වශයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන අතරම සමාජයට යහපතක් සිදුකරන මෙවැනි ප්‍රවර්ධන වැඩසටහන් දිගින් දිගටම ක්‍රියාවට නැංවීමට අප තව තවත් දිරිගන්වන ජයග්‍රහණයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී හි ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගජේන්ද්‍රන් මහතා පැවසීය.
ත්‍රිරෝද රථ රියැදුරන් මුහුණ දෙන අභියෝග, ඔවුන්ගේ අනාගත ඉලක්ක සහ ඔවුන් රටේ ආර්ථිකයට ලබා දෙන දායකත්වය ආදිය මැනැවින් පිළිබිඹු කළ මෙම වැඩසටහන මගින්, ජනශක්ති ෆිනෑන්ස් යනු හුදෙක් මූල්‍ය සේවා සපයන සමාගමක් පමණක් නොව, ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගවල ස්වභාවය මැනැවින් හඳුනාගෙන ඒ සඳහා නිසි සහයෝගය ලබා දෙන විශ්වාසනීය හවුල්කරුවකු බව පෙන්වා දෙන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd