

මෙරට රැකියා ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, AI (කෘත්‍රිම බුද්ධිය) තාක්ෂණයෙන් බල ගැන්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම රැකියා සෙවීමේ වේදිකාව ලෙස ‘HotJobs’ පසුගියදා නිල වශයෙන් ආරම්භ කළේය.
වේගයෙන් වෙනස් වන තරගකාරී රැකියා වෙළෙඳපොළේ විප්ලවීය වෙනසක් ඇති කරමින් සේවා ආයතන සහ රැකියා අපේක්ෂකයන් පහසුවෙන් සම්බන්ධ කරන වඩාත් බුද්ධිමත් සහ කාර්යක්ෂම බඳවා ගැනීමේ විසඳුමක් ලෙස HotJobs හැඳින්විය හැකිය. නව්‍ය තාක්ෂණය සහ නව සේවකයන් බඳවා ගැනීම පිළිබඳ ප්‍රායෝගික අවබෝධය ඒකාබද්ධ කරමින් ආයතනවලට ඵලදායී ලෙස දක්ෂයන් හඳුනාගැනීමටත්, රැකියා අපේක්ෂකයන්ට අර්ථවත් අවස්ථා කඩිනමින් ලබාගැනීමටත් මෙම වේදිකාව බෙහෙවින් උපකාරී වනු ඇත.
HotJobs යනු InTalent Asia සහ InspireX යන ආයතනවල සහයෝගීතාවෙන් ස්ථාපිත කරන ලද Careers 360 Sri Lanka නව මානව සම්පත් කේන්ද්‍රීය සමාගම යටතේ දියත් කරන ලද පළමු නිෂ්පාදනය වේ. නව සේවක බඳවා ගැනීම් පිළිබඳ තිබෙන ප්‍රවීණ අත්දැකීම් සහ ඩිජිටල් නවෝත්පාදන එකට මුසු කරන මෙම ව්‍යාපාරයේ මූලික අරමුණ වන්නේ.ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් සහ මනා සම්බන්ධතාවක් සහිත මානව සම්පත් පද්ධතියක් ගොඩනැගීමය.
නව රැකියා අවස්ථා සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලියේ දී සිදුවන වෙනස්කම් සහ බුද්ධිමත් බඳවා ගැනීමේ විසඳුම් සඳහා පවතින අවශ්‍යතාවට ප්‍රතිචාරයක් වශයෙන් මෙම වේදිකාව නිර්මාණය කළ බව සඳහන් කළ HotJobs සහ InTalent Asia හි ප්‍රධාන විධායක නිලධාරිනී හේෂාණි කෞමදී මහත්මිය තවදුරටත් මෙසේ අදහස් දැක්වූවාය.
අපි HotJobs නිර්මාණය කළේ සේවා ආයතන සහ රැකියා අපේක්ෂකයන් සම්බන්ධ වන ආකාරය වැඩිදියුණු කිරීම පිළිබඳව පැහැදිලි දැක්මක් සහිතවයි.දිනෙන් දින රැකියා අවස්ථා සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය දියුණු වීමත් සමග තාක්ෂණය සහ නව රැකියා බඳවාගැනීම් පිළිබඳ සැබෑ අත්දැකීම් මුසු වූ බුද්ධිමත් වේදිකාවක් තිබීමේ අවශ්‍යතාව අපි බෙහෙවින් විශ්වාස කරනවා. එම අනාගතය ගොඩනැගීමේ මූලික පියවර ලෙස HotJobs හැඳින්විය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd