- දිට්වා සුළි කුණාටුව ආර්ථිකයට බොහෝ හානියක් කළා වුණත්, එය අපේ සියලුම ජලාශ පුරවලා
වර්තමානයේදී රට තුළ ජල විදුලි නිෂ්පාදනය පෙර වසරවලට සාපේක්ෂව යහපත් මට්ටමකින් පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇත්තේ ‘දිට්වා සුළි කුණාටුවෙන් එල්ල වූ යහපත් බලපෑමක් හේතුවෙන් බව ඇඩ්වොකාටා ආයතනයේ සභාපති මුර්ටාසා ජෙෆර්ජි මහතා පවසයි.
“අද වනවිට ජල විදුලි නිෂ්පාදනය යම් තරමකින් පහත වැටි තිබෙනවා. එහෙත් එය පසුගිය වසරවලට සාපේක්ෂව දරුණු නැහැ. මොකද සාමාන්‍යයෙන් මේ කාලය කියන්නේ රට තුළ නියඟ තත්වයක් පවතින කාලයක්. එහෙත් පසුගිය නොවැම්බර් මාසයේ අග හට ගත් දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ වර්ෂාව නිසා අපේ ජලාශ බොහෝමයක් ජලයෙන් පිරීගියා. ඒ නිසා අදටත් මේ ජල විදුලිය නිෂ්පාදනය කරන්න ප්‍රමාණවත් ජලය ඒ බලාගාර ආශ්‍රිත ජලාශවල පවතිනවා.”
මෙහිදී ඒ මහතා මහවැලි අධිකාරිය සහ ඇඩ්වොකාටා පර්‌යේෂණ ආයතනය එක්ව රැස් කරගත් දත්ත සහිතව 2026 මාර්තු 26 වැනිදා වනවිට ප්‍රධානතම ජලාශවල පැවැති ජල මට්ටම් පිළිබඳව සටහනක්ද ඉදිරිපත් කළේය.
ඒ අනුව රන්දෙණිගල, වික්ටෝරියා, සමනලවැව, මොරගහකන්ද, මාවුස්සාකැලේ යන ජලාශ ආශ්‍රිත කැපී පෙනෙන ජල ප්‍රමාණයක් ඉතිරිව ඇති අතර, මේවාට සාපේක්ෂව කොත්මලේ ජලාශයේ පමණක් ජලමට්ටම පහළ අගයක් ගෙන තිබේ.
“මේ සටහනින් වුණත් පේනවා අපේ ජලාශවල ප්‍රමාණවත් තරම් පිරිලා තියෙනවා කියලා. දිට්වා සුළි කුණාටුව අපේ ආර්ථිකයට බොහෝ හානියක් සිදු කළා වුණත්, එය අපේ සියලුම ජලාශ පුරවා තිබෙනවා.“ජෙෆර්ජි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශවලින් මැයි මාසය මැද තෙක් ජලවිදුලියට සහ වගාව සඳහා ජලය අඛණ්ඩව නිකුත් කළ හැකි බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු කිත්සිරි වැලිගෙපොල මහතාද පසුගියදා මාධ්‍ය වෙත සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd