මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි සිදු කරන හරිත බැදුම්කරයක් හරහා රුපියල් බිලියන 4ක මුදලක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. ඒ අනුව මෙහිදී ලැයිස්තුගත, වර්ගකෙරූ, ජ්‍යෙෂ්ට, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි හරිත බැදුම්කර ලෙස මෙම නිකුතුව සිදු කිරීම සැලසුම් කර තිබේ. 

මෙහිදී බැදුම්කර කොටස් මිලියන 40ක් නිකුත් කෙරෙන අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 4කි. කෙසේ වෙතත් මෙම නිකුතුව සදහා අදාළ නියාමන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම පවසයි. එසේම මෙම හරිත බැදුම්කරයට අදාළ කල්පිරීමේ දිනය, පොලී අනුපාත සහ අනෙකුත් ලක්ෂණ පිළිබදව ඉදිරියේදී දැනුම් දෙනු ඇතැයිද සමාගම පවසයි.