නිමල කොඩිතුවක්කු
රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාක්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
දෙපාර්ශ්වය අතර සහයෝගිතාව වර්ධනය කිරීම සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පිරිස් පුහුණු කිරීම පිළිබඳව රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ එවකට ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස 2024-02-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එහෙත්, එකී ගිවිසුමට මෙතෙක් අත්සන් තබා නොමැත.
ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැනටමත් හඳුන්වා දී ඇති බහු විධ ප්‍රවාහනය, ප්‍රවාහන ක්ෂේත්‍රයේ රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය, ප්‍රාදේශීය සහ නාගරික ප්‍රවාහන පද්ධති සංවර්ධනය, ප්‍රවාහන යටිතල පහසුකම් කළමනා කරණය, ප්‍රවාහන සුරක්ෂිතතාව වැනි සංකල්ප සහ කළමනා කරණ ක්‍රමවේද සඳහා අදාළ නව දැනුම ලබා ගැනීමට යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීමෙන් හැකි වන බවට හඳුනාගනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd