
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනම ආරම්භ වී 2026 මාර්තු 28 දිනට වසර 21 ක් සම්පූර්ණ විය. ඒ නිමිත්තෙන් එහි නිල වෙබ් අඩවිය අලුතින් සැලසුම් ආරම්භ කරන ලද අතර, ඉදිරියේදී නවතම Volunteer ජංගම යෙදවුමක් (Volunteer App) හඳුන්වා දීමටද නියමිතය.
වැඩිදියුණු කරන ලද වෙබ් අඩවිය සංකේතීයව දියත් කරන ලද්දේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා විසිනි. එම අවස්ථාව ජෝන් කීල්ස් සමූහයේ ආයතනික ප්‍රජා සත්කාර ප්‍රධානී, ජෝන් කීල්ස් පදනමේ ව්‍යාපෘති ප්‍රධානීන්, විවිධ අංශවල ප්‍රජා සත්කාර සම්බන්ධීකාරකවරුන්, වරියන්, පදනමේ කාර්ය මණ්ඩලය සහ Centre Functions සාමාජික ඇතුළු සාමාජිකාවෝ පිරිසක් සහභාගී වූහ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පැවසුවේ වඩාත් පහසුවෙන් භාවිත කළ හැකි පරිදි මෙම වෙබ් අඩවිය වැඩිදියුණු කර ඇති බවයි. එමෙන්ම එමගින් දැන් ජෝන් කීල්ස් පදනමේ ප්‍රතිලාභීන් සහ එහි හවුල්කරුවන් පිළිබඳ තොරතුරු සහ පදනම මගින් ඉටුවන මෙහෙවර වඩාත් පැහැදිලිව සන්නිවේදනය කෙරේ.
ජෝන් කීල්ස් පදනමේ නව Volunteer යෙදුම, සමූහයේ 15,000 කට අධික කාර්ය මණ්ඩලය ජෝන් කීල්ස් පදනමේ ස්වේච්ඡා මෙහෙවර සඳහා වැඩි වැඩියෙන් දිරිගන්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ හරහා සම්බන්ධීකරණය කිරීම, ප්‍රගතිය පරීක්ෂා කිරීම සහ ස්වේච්ඡා ක්‍රියාකාරකම් වාර්තා කිරීම පහසු වනු ඇති අතර, දත්ත එක්රැස් කිරීම ඇතුළුව සමස්ත ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට හැකි වනු ඇතැයි ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසීය.
2005 වසරේදී ආරම්භ වූ ජෝන් කීල්ස් පදනම මේ වන විට මෙරට ආයතනික ප්‍රජා සත්කාර සම්බන්ධ ප්‍රමුඛතම මුලපිරීමක් ලෙස සැලකේ. එය විවිධ පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගනිමින් රටේ සමාජ සංවර්ධනය වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටී. 2016 වසරේ සිට එහි නිල වෙබ් අඩවිය බලගන්වමු දේශය හෙට දිනට’ යන දැක්ම යථාර්ථයක් බවට පත්කිරීමේ උත්සාහයට කේන්ද්‍රීය දායකත්වයක් ලබා දී තිබේ. එය පදනමේ පාර්ශ්වකරුවන්, රැකියා සොයන්නන් සහ පර්‌යේෂකයන් සඳහා තොරතුරු ලබාදෙන මූලාශ්‍රය විය.
නව Volunteer යෙදුම බිහි වී ඇත්තේ ජෝන් කීල්ස් තොරතුරු තාක්ෂණ අංශයේ සහයෝගයෙනි. ස්වේච්ඡා ක්‍රියාකාරකම් පිළිබඳ සියලු තොරතුරු එක්රැස් කිරීම, දැනුම් දීම සහ යාවත්කාලීන කිරීමෙන් මෙය ස්වේච්ඡා මෙහෙවරේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කරයි. මේ වන විට පරීක්ෂණ අවධියේ පවතින එය අප්‍රේල් මාසයේදී නිල වශයෙන් ආරම්භ වීමට නියමිතය.
ජෝන් කීල්ස් පදනමේ ආයතනික ප්‍රජා සත්කාර අංශ ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පැවසුවේ ජෝන් කීල්ස් පදනම සෑම විටම ජනතාවගේ යහපත, දීර්ඝකාලීන අරමුණු, සහයෝගීත්වය මෙන්ම ජාතික හා ජාත්‍යන්තර සංවර්ධන ඉලක්ක කෙරෙහි අවධානය යොමු කළ බවයි. 2024 වසරේදී තම අවධානය යොමු වන අංශ හය සිට හතර දක්වා විදිමත් කරමින්, සමූහයේ ESG ප්‍රමුඛතාවලට අනුව වැඩි බලපෑමක් සිදු කළ හැකි ආකාරයට තම මෙහෙවර ශක්තිමත් කිරීමට එම පදනම පියවර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd