ලක්ස්ප්‍රේ සන්නාමය හිමි ලංකා මිල්ක් ෆුඞ්ස් (CWE) පීඑල්සී සමාගම දීර්ඝ කාලයක් පුරා සිදුකළ නීතිමය කටයුත්තක ප්‍රතිඵලයක් ලෙස එම සමාගමට රුපියල් 309,344,912.23 ක මුදලක් හිමි වූ බව එම සමාගම පවසයි.
පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මෙම කරුණු සඳහන් කර තිබේ. අදාළ පාර්ශ්වය තම සමාගම සමගින් ඇති කරගත් කොන්ත්‍රාත්තු එකඟතාවක් කඩකිරීමට එරෙහිව ගොනු කළ නඩුවක හිමිකමක් ලෙස මෙම මුදල් හිමි වූ බව සමාගම පවසයි.
ඒ අනුව මෙලෙස හිමිවූ මුදල් සමාගම වෙත ලැබුණු මුදල් ගලා ඒමක් ලෙස සලකන බවත්, එය 2026 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා වන මූල්‍ය වාර්තාවේදී අනෙකුත් ආදායම් ලෙස වාර්තා කෙරෙන බවත් සමාගම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd