කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පසුගියදා පැවති ‘ Great Managers Awards 2025’  සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ගෞරවයට පාත්‍ර විය. මෙය රාජ්‍ය ආයතනයක්  එවැනි පිළිගැනීමක් ලබාගත් ප්‍රථම අවස්ථාව ලෙස විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

CLA Coaching iy Colombo Leadership Academy එකමුතුවෙන් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල, නායකත්වයේ හා කළමනාකරණ කාර්යක්ෂමතාවේ විශිෂ්ටත්වය පෙන්වන ආයතන සහ පුද්ගලයන් ගෝලීය මට්ටමේ ප්‍රමිතීන්ට අනුව විධිමත් ඇගයීම් ක්‍රියාවලියක් හරහා හඳුනාගැනීමට ලක් කර ඇත.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් Companies with Great Managers’  කාණ්ඩය යටතේ සම්මානයට පාත්‍ර විය. මෙය නායකත්ව කුසලතා වර්ධනය කිරීම සහ දීර්ඝකාලීන කාර්ය සාධනයට සහය දෙන සංස්කෘතියක් ගොඩනැගීම සඳහා එම ආයතනය දක්වන කැපවීම පිළිබිඹු කරයි.

SLIC  ලයිෆ් කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙක් මෙහිදී විවිධ කාණ්ඩ යටතේ සම්මාන ලබාගනිමින්, ආයතනය තුළ පවතින නායකත්ව ශක්තිය සනාථ කළහ. 

දුමින්ද පීරිස් (සහකාර සාමාන්‍යාධිකාරී / කලාප ප්‍රධාන) - Driving Results and Execution Excellence චමින්ද අතාවුද (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ලයිෆ්) - Aligning Organisational Vision ජගත් වෙල්ගම (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ජාතික විකුණුම්) සහ මංජුල ධර්මප්‍රේම (ශාඛා කළමනාකරු - පිළිමතලාව) - Building Team Effectiveness and Collaboration, අමාලි ගෝමස් (කළමනාකරු - ආයතනික හා අලෙවිකරණ සන්නිවේදන) - Integrality and Holistic Approach රුචිර එදිරිසිංහ (සන්නාම කළමනාකරු) සහ උත්තරා කපුගමගේ (කළමනාකරු - සේවක සම්බන්ධතා) - Great Millennial Managers ලෙස සම්මානයෙන් පිදුම් ලැබූහ.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි ප්‍රධාන විධායක නිලධාරී නලින් සුබසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

 “Great Managers Awards 2025’  සම්මාන උළෙලේ දී මෙවැනි පිලිගැනීමක් ලැබූ ප්‍රථම රාජ්‍ය ආයතනය වීම සම්බන්ධයෙන් අපි ඉතා සතුටට හා ආඩම්බරයට පත්වන්නෙමු. මෙම ජයග්‍රහණය අපගේ කණ්ඩායමේ ශක්තිය, කැපවීම සහ වෘත්තීයභාවය පිළිබඳ සාක්ෂියකි. අපගේ සංවිධානයේ සෑම මට්ටමකම නායකත්වයේ විශිෂ්ටත්වය ඔවුන් විසින් මෙහිදී  පෙන්වා දී ඇති අතර මෙම සාර්ථකත්වය අප සියලු දෙනාගේ සාමූහික ජයග්‍රහණයකි.” 

මෙම පිළිගැනීම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ආයතනයේ මානව සම්පත් සංවර්ධනය, නායකත්ව කුසලතා වර්ධනය කිරීම සහ උසස් කාර්යසාධනයක් සහිත සංස්කෘතියක් ගොඩනැගීම සඳහා පවතින අඛණ්ඩ කැපවීම තවදුරටත් තහවුරු කරයි.