Prime සමූහයෙන් දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයට ඩිජිටල් සේවා පෙළක්
Prime සමූහ ව්‍යාපාරය, මෙරට දේපළ හිමිකාරීත්වය සුවිශේෂී අත්දැකීමක් බවට පත්කරන නවීනතම ඩිජිටල් සේවා එකතුවක් හඳුන්වා දී තිබේ. දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයට සම්බන්ධ සැපයුම්, ඉදිකිරීම්, ව්‍යාපෘති කළමනාකරණය සහ පාරිභෝගික සේවා කටයුතු ඇතුළු සියලු අංශ ඩිජිටල්කරණය කිරීමේ දීර්ඝ ක්‍රියාවලියක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී.