මෙරට අපනයනකරුවන්, ආනයනකරුවන්ට සහ SME අංශයට තවදුරටත් මූල්‍ය සහාය ලබාදිය හැකි බව පවසයි
ශ්‍රී ලංකාවේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 20ක මූල්‍ය සහයෝගයක් ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) පවසයි. එම ආයතනයේ ගෝලීය වෙළෙඳ මූල්‍ය වැඩසටහන (GTFP) හරහා ණය පහසුකමක් ලෙස මෙම සහයෝගය ලබා දී තිබේ.
මෙම මූල්‍ය සහයෝගයත් සමගින් බැංකුව වෙත ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සහ ආනයනකරුවන් වෙත මූල්‍ය පහසුකම් ලබාදීමේ ධාරිතාව තවදුරටත් ශක්තිමත් කරගත හැකි බවත්, දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ගෝලීය වෙළෙඳපොළ සහ සැපයුම් දාම සමගින් සම්බන්ධවීමට උදව් වනු ඇති බවත් IFC පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, “මෙලෙස ශ්‍රී ලංකාවේ වෙළෙඳ ක්‍රියාකාරකම් සඳහා සහායක් ලෙස ඩොලර් මිලියන 20ක ණය පහසුකමක් හිමිවීම IFC සහ NTB අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරවනවා.“ යනුවෙන් පවසා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd