ප්‍රයිමු සමූහය කිරිබත්ගොඩ නගරයේ මාකොළ ඉදිකිරීමට නියමිතව ඇති YOLO by Prime Group නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය හිමි වූ බව පවසයි. ඒ අනුව මෙම ව්‍යාපෘතියට අදාළ ඩොලර් මිලියන 52.5ක ආයෝජන එකඟතාවට අත්සන් තැබීම පසුගියදා එම මණ්ඩලයේදී සිදුව තිබේ.
අක්කර 13ක භූමියක ඉදි කරන මෙම YOLO ව්‍යාපෘතිය යටතේ වන ගොඩනැගිලි 46ක මහල් නිවාස ඒකක 476ක් ඇතුළත්ව තිබේ. මෙම සෑම ගොඩනැගිල්ලකම වර්ග අඩි 2000ක වහල මත ඉදිකළ උද්‍යානයක් පවතින අතර එහි ආහාර ගැනීමේ පහසුකම්වලින්ද සමන්විතය.
මෙම YOLO by Prime Group ව්‍යාපෘතිය යටතේ ඉදිකරන මහල් නිවාසයක කාමර 2ක් සහ 3 ක් ඇතුළත්ව තිබේ. ඒ අනුව එම එක් නිවාසයක් වර්ග අඩි 100,000 ක පමණ විශාලත්වයක් ගන්නා බවත්, ඒ සියල්ලකම උසස් තත්වයේ පහසුකම් පවතින බවත් පැවසෙයි.
එසේම මෙම ව්‍යාපෘතිය යටතට බෝලිං ක්‍රීඩා පරිශ්‍රයක්, සිනමා, කෝපි හලක්, කාර්යාල අවකාශයක්, කැරොකෝ ක්ලබ්, කාසි මගින් ක්‍රියාත්මක වන රෙදි සෝදන යන්ත්‍ර, කුඩා සුපිරිවෙළෙඳ සලක්, පිහිනුම් තටාකයක්, ඇතුළු පහසුකම් රැසක්ද පවතින බව සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd