2026 අයවැයෙන් රුපියල් මිලියන 750ක ප්‍රතිපාදන
නිමල කොඩිතුවක්කු
කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයන් සංවර්ධනය කිරීමේ ණය යෝජනා ක්‍රමය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, වසර 5 ක් තුළ ව්‍යවසායකයන් 50,000 ක් බිහි කිරීම සඳහා මූල්‍ය පහසුකම් හා මඟපෙන්වීම් ලබා දීමට රජය විසින් පියවර ගත යුතුව ඇත.
ඒ අනුව, 2025 අයවැය යෝජනාවක් මගින් එම අරමුණ ළඟා කර ගැනීමේ එක් පියවරක් වශයෙන් සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිණිස රුපියල් මිලියන 500 ක අරමුදල් වෙන් කරන ලදී.
කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයන් සංවර්ධනය කිරීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා එම මුදල යොදා ගැනීම පිණිස 2025-08-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එම ණය යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිණිස 2026 වර්ෂය සඳහා වන අයවැය මගින් රුපියල් මිලියන 750 ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇත. ඒ අනුව, 4% ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ මහජන බැංකුව, ලංකා බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා එකී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd