නිමල කොඩිතුවක්කු
ශ්‍රී ලංකාවේ ජාතික සිවිල් ගුවන් සේවා ප්‍රධාන සැලැස්ම ක්‍රියාවට නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ගුවන් සේවා අංශය ඵලදායී ලෙස පවත්වා ගෙන යාම සඳහා රාජ්‍යයකට පුළුල් සහ සැලසුම්කාරි ප්‍රවේශයක් තිබීම අත්‍යවශ්‍ය බව අවධාරණය කර ඇති එම සංවිධානය, ඒ සඳහා තීරණාත්මක මෙවලමක් ලෙස සිවිල් ගුවන් සේවා ප්‍රධාන සැලැස්මක් සම්පාදනය කළ යුතු බව ද පෙන්වා දී ඇත.
එසේම, කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුව ගුවන් සේවා කටයුතු යථා තත්ත්වයට පත් වීමේ සන්දර්භය තුළ ගුවන් සේවා පද්ධතිය සඳහා උපායමාර්ගික සංවර්ධන සැලසුම්කරණයේ අවශ්‍යතාව එම සංවිධානය විසින් අවධාරණය කරනු ලැබ ඇත. ඒ අනුව, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් නිර්දේශිත පරිදි, අදාළ සියලුම පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් යුතුව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ජාතික සිවිල් ගුවන් සේවා ප්‍රධාන සැලැස්ම පිළියෙල කරනු ලැබ තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd