
මාධ්‍ය හමුවට සහභාගි වූ වැලිබල් ෆිනෑන්ස් ඉහළ කළමනාකාරිත්වයේ නිලධාරීන්

වැලිබල් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතා අදහස් දැක්වූ අවස්ථාව
පළමු කාණ්ඩයේ ප්‍රාග්ධන වර්ධනය සහ පුළුල් කිරීම ප්‍රධාන අරමුණක්
සාමාන්‍ය ඡන්ද හිමිකම් කොටස් 29,431,675 ක ප්‍රමාණයක් එක් කොටසක් රු. 72ක මිලකට
වසර 19ක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ඉහළම මූල්‍ය ආයතන පහ අතර ප්‍රමුඛයෙක්
වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී (Vallibel Finance PLC), සිය නව සාමාන්‍ය ඡන්ද හිමිකම් සහිත කොටස් නිකුත් කිරීමෙන් රු. බිලියන 2.12ක පමණ මුදලක් එක්රැස් කර ගැනීමට අපේක්ෂා කරන බව ඊයේ (26) එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී අනාවරණය කළේය.
මෙම උපායමාර්ගය ඔස්සේ සමාගමේ පළමු කාණ්ඩයේ ප්‍රාග්ධනය ශක්තිමත් කර ගැනීමට මෙන්ම ඊළඟ අදියර ශක්තිමත් සහ ප්‍රසාරණය කිරීමේ කාර්යය සඳහා අවශ්‍ය පදනම සැකසීමට ද අපේක්ෂා කෙරේ.
2026 ජනවාරි මස 09 වන දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ මෙම යෝජනාව සම්මත කර ඇති අතර, එහිදී සාමාන්‍ය ඡන්ද හිමිකම් කොටස් 29,431,675 ක ප්‍රමාණයක් එක් කොටසක මිල රු. 72ක මිලකට යටත්ව නිකුත් කිරීමට නියමිතය.
මෙම නව හිමිකම් කොටස් නිකුතු වර්තමානයේ ආයතනික කොටස්වලට හිමිකම් කියන්නන් අතර සමානුපාති අයුරින් ලබා දෙනු ලබන අතර, එහිදී එක් හිමිකම් කොටස් අටකට නව කොටස් එකක් ලබාගැනීමේ අයිතිය ඔවුන්ට හිමිවේ.
මෙම ක්‍රමවේදයෙන් වර්තමාන කොටස් හිමිකරුවන්ට නව කොටස් ලබාගැනීම සම්බන්ධයෙන් ප්‍රමුඛතාව හිමිවන අතර, මෙමඟින් ඔවුන්ට සමානුපාතික හිමිකම් පවත්වා ගැනීමටත්, සමාගමේ ප්‍රාග්ධනය වැඩිදියුණු කිරීමට දායක වීමටත් හැකියාව ලැබේ.
වැලිබල් ෆිනෑන්ස් හි මෙම ප්‍රාග්ධනය එක් කර ගැනීම එහි විස්තීරණ උපායමාර්ගික සැලැස්මේ කොටසක් වන අතර, එමගින් සමාගම සතු මූල්‍ය පදනම තවදුරටත් ශක්තිමක් කිරීම, නියාමන ප්‍රාග්ධන ආරක්ෂක කොටස් වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ වෙනස් වෙමින් පවතින මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව අවස්ථා උපයෝගී කර ගැනීම සඳහා සමාගම සූදානම් කරවීම අපේක්ෂා කෙරේ.
තවද පළමු කාණ්ඩයේ ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමෙන් ණය ලබාදීමේ හැකියාව වර්ධනය කිරීම, මූල්‍ය ස්ථාවරත්වය ඉහළ නැංවීම සහ තිරසාර ව්‍යාපාරික ප්‍රසාරණය සඳහා අවශ්‍ය හැකියාව නිර්මාණය කර ගැනීම ද අපේක්ෂිතය.
ධම්මික පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් සහ කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රංගමුව යන මහත්වරුන්ගේ නායකත්වය යටතේ 2007 වසරේදී නැවත ආරම්භ කරනු ලැබූ වැලිබල් ෆයිනෑන්ස් ආයතනය, වසර 19ක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ඉහළම මූල්‍ය ආයතන පහ අතුරින් ප්‍රමුඛයකු බවට පත්ව ඇත. ශක්තිමත් ප්‍රාග්ධන පදනමක්, ස්ථාවරත්වය, නවෝත්පාදනය සහ පාරිභෝගික-කේන්ද්‍රීය අවධානය මත පදනම් වූ කීර්තිනාමයට හිමිකම් කියන මෙම සමාගම පුළුල් පරාසයක මූල්‍ය නිෂ්පාදන සහ සේවා ලබාදීමට ඉදිරිපත්ව ඇත.
සමාගම සතු ශීඝ්‍ර සංවර්ධන ගමන් මාර්ගය පෙන්වන ලක්ෂණයක් ලෙස සමාගම ආරම්භයෙන් වසර 17කදීම වත්කම් රු. බිලියන 100 ඉක්මවූ පළමු මූල්‍ය ආයතනය බවට වැලිබල් ෆිනෑන්ස් ආයතනය පත්ව ඇත. මෙය සමාගම සතු ස්ථාවර කාර්ය සාධනය සහ තරගකාරී වෙළෙඳපොළ කාර්යක්ෂම අයුරින් ප්‍රසාරණය වීමේ හැකියාව මැනවින් තහවුරු කිරීමට සමත්විය. එමෙන් සමාගමක් ලෙස ජාත්‍යන්තර තලයේදී ‘‘හොඳම මූල්‍ය ආයතනය’’ සඳහා වන සම්මානයන් බොහෝ වරක් දිනා ගැනීමට සමත්ව ඇත. මෙතුළින් සමාගම සතු ශක්තිමත් පාලන රාමුව සහ ඉදිරි දැක්ම සහිත උපාය මාර්ගය තහවුරු වේ.
වැලිබල් ෆිනෑන්ස් ආයතනය සතු විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් “A-” (LRA) ණය ශ්‍රේණිගත කිරීම සහ “A” වෙළෙඳ නාම ශ්‍රේණිගත කිරීමක් හිමිකර ගැනීමට සමත්ව ඇත. මෙමගින් සමාගම සතු මූල්‍ය විනය, අවදානම් කළමනාකරණ පිළිවෙත් සහ දිගුකාලීන උපායමාර්ගික දිශානතිය සම්බන්ධයෙන් ඇති විශ්වාසය තහවුරු කරයි. තවද මෙම ශ්‍රේණිගත කිරීම, සමාගම සතු සැලකිලිමත් කළමනාකරණය සහ වෙනස්වන වෙළෙඳපොළ තත්වයන්ට සාර්ථකව මුහුණ දීමට සමාගම සතු හැකියාවට මනා වූ සාක්ෂියකි.
සමාගම සතු මූල්‍ය වර්ධනයට සමගාමීව, සිය උපායමාර්ගික සැලසුමේ ඩිජිටල් පරිවර්තනය සඳහා ප්‍රධාන අවකාශයක් සහ අවධානයක් ලබාදී ඇත. විශේෂයෙන් සිය බහුවිධ ඩිජිටල් අවකාශ (Platforms) හරහා සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වූ මූල්‍ය විසඳුම් ලබාදීමෙන් ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ප්‍රවේශවීම සහ පහසුවෙන් සම්බන්ධතා ඉහළ නංවා ගැනීමට කටයුතු කර ඇත. මෙම ඩිජිටල් පරිවර්තනය වෙළෙඳ නාමය වඩාත් සාර්ථක අයුරින් සමාජය තුළ ස්ථානගත කිරීමට ශක්තිය වී ඇති අතර, එම ඩිජිටල් පරිවර්තනයෙන් සමාගමක් ලෙස ඉදිරියෙන් සිටීමට හේතුවක් වී ඇත.
දිවයින පුරා පුළුල් ලෙස ව්‍යාප්ත වෙමින් ශාඛා 87ක ජාලයකින් සමන්විත වැලිබල් ෆිනැන්ස් ආයතනය, එය සිය තරගකාරීත්වයේ ප්‍රමුඛතම ශක්තිය බවට පත්කරගෙන ඇත. සේවකයන් 2,200කට අධික පිරිසකගෙන් සමන්විත මෙය, නාගරික, අර්ධ නාගරික සහ ග්‍රාමීය යන ප්‍රදේශවල විවිධ වූ ගනුදෙනුකරුවන්ට සේවය කිරීමට මැනවින් සූදානම්ව ඇත. මෙම පුළුල් පදනමෙන් තැන්පතු රැස්කිරීම, ණය ප්‍රසාරණය සහ පාරිභෝගික සබඳතා ගැඹුරු කිරීමට උපකාරී වන අතර, විශ්වාසදායක හා පහසුව සහිත මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස එහි කීර්ති නාමය තහවුරු වේ.
සිය මූල්‍ය පදනම, පාලන ක්‍රමවේද, නවෝත්පාදන සහ ව්‍යාප්තිය කෙරෙහි අවධානය යොමු කරමින් පවතින ආර්ථික තත්වය යටතේ ස්ථාවරව සිය සේවාව පවත්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන වැලිබල් ෆිනෑන්ස් ආයතනය, තම පාර්ශ්වකරුවන්ට තිරසර වටිනාකමක් ලබාදෙමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ වර්ධනය උදෙසා සිය දායකත්වය ලබාදීමට නිරතුරුවම කැපවී සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd