බදු පෙර ලාබය සියයට 47 කින් වර්ධනය වී රැ, බිලියන 4 සීමාව පසුකරයි.
බදු පසු ලාබය රැ. බිලියන 2.4 ක් සහ හිමිකම් මත ප්‍රතිලාභය සියයට 10.4 ක්
අමානා බැංකුව 2025 වසරේදී සුවිශේෂී කාර්ය සාධනයක් පෙන්නුම් කිරීමට සමත් වී තිබේ. එම වසරේ බැංකුවේ බදු පෙර ලාබය සියයට 47 කින් වර්ධනය වී රුපියල් බිලියන 4.1 ක් වූ අතර බදු පසු ලාබය සියයට 40 කින් වර්ධනය වී රුපියල් බිලියන 2.4 ක් විය. මෙය අමානා බැංකුව 2011 වසරේ ආරම්භ වූ දා සිට මේ දක්වා වාර්තා කළ ඉහළම ලාබදායීත්වයයි. බැංකුවේ සියලුම බදුවලට පෙර මෙහෙයුම් ලාබය පෙර වසරට සාපේක්ෂව සියයට 45 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 5.5 ක් විය. බැංකුවේ සමස්ත බදු දායකත්වය වන රුපියල් බිලියන 3.0, එහි සියලු බදුවලට පෙර මෙහෙයුම් ලාබයෙන් සියයට 55 ක් වැනි ඉහළ ප්‍රතිශතයකි.
බැංකුවේ ආදායම් කාර්ය සාධනය සම්බන්ධයෙන් ගත් විට, සියයට 4.3 ක යහපත් මූල්‍ය ආන්තිකයක්ද සමගින් ශුද්ධ මූල්‍ය ආදායම පෙර වසරට සාපේක්ෂව සියයට 21 කින් වර්ධනය වී රුපියල් බිලියන 8.3 ක් ලෙස වාර්තා වී තිබේ. ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායමද ශක්තිමත් ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් පෙර වසරට සාපේක්ෂව සියයට 27 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.4 ක් ලෙස වාර්තා වී තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස මුළු මෙහෙයුම් ආදායම සියයට 16 කින් වර්ධනය වී රුපියල් බිලියන 10.1 ක් වූ අතර, ශුද්ධ මෙහෙයුම් ආදායම වසර අවසන් වන විට රුපියල් බිලියන 10.7 ක් විය.
පිරිවැය පාලනය කෙරෙහි බැංකුව අඛණ්ඩව අවධානය යොමු කිරීමත් සමග මෙහෙයුම් කාර්යක්ෂමතාව තවදුරටත් ශක්තිමත් වූ අතර, 2024 වසරේදී සියයට 53 ක් වූ පිරිවැය-ආදායම් අනුපාතය 2025 වසරේදී සියයට 51.8 දක්වා වැඩිදියුණු වීමෙන් එය පිළිබිඹු වේ. සිය මූල්‍ය ඉදිරි ගමන තවදුරටත් ශක්තිමත් කරගනිමින් බැංකුව රුපියල් බිලියන 2.9 ක සමස්ත විස්තීර්ණ ආදායමක් වාර්තා කළ අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 66 ක් වැනි ඉහළ වර්ධනයකි.
වර්ධනය කේන්ද්‍ර කරගත් ආර්ථික පසුබිමක් තුළ ක්‍රියාත්මක වෙමින් අමානා බැංකුව ජාතික ආර්ථිකයේ ප්‍රධානතම අංශයක් වන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කළ අතර, ඒ හේතුවෙන් මෙම වසර තුළ ගනුදෙනුකරුවන් වෙත නිකුත් කළ අත්තිකාරම්වල වටිනාකම සියයට 36 ක හෙවත් රුපියල් බිලියන 39.6 ක කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කර තිබේ. බැංකුව නිකුත් කළ අත්තිකාරම්වල මුළු වටිනාකම රුපියල් බිලියන 150.9 ක් වූ අතර එය බැංකුවේ සමස්ත වත්කම්වලින් සියයට 74 ක් විය.
බැංකුවේ ඵලදායී අවදානම් කළමනාකරණය සහ ප්‍රතිරක්ෂණ ප්‍රමිති මෙන්ම එහි සුවිශේෂී මානුෂ හිතවාදී ප්‍රවේශය හේතුවෙන්, ක්ෂේත්‍රයේ අවම මට්ටමක් වන සියයට 1.2 ක අදියර 3 අපහායන මූල්‍ය අනුපාතයක් (Stage 3 Impaired financing ratio) පවත්වා ගනිමින් මෙම කාර්ය සාධනය අත්කර ගැනීමට බැංකුවට හැකි වී තිබේ. බැංකුවේ තැන්පතු රුපියල් බිලියන 18.0 කින් වර්ධනය වී රුපියල් බිලියන 172.0 ක් ලෙස වාර්තා වූ වූ අතර, ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA ratio) ක්ෂේත්‍රයේ විශිෂ්ටතම මට්ටමක් වූ සියයට 45 ක් ලෙස වාර්තා විය. බැංකුවේ වත්කම්වල මුළු වටිනාකම රුපියල් බිලියන 204.3 ක් වූ අතර එය මෙම වසර තුළ සියයට 12 ක වර්ධනයක් පිළිබිඹු කරයි.
තිරසාර ලාබදායිතා ප්‍රවණතාව තවදුරටත් ශක්තිමත් කරමින්, බැංකුවේ කොටස් මත ප්‍රතිලාභය 2024 මූල්‍ය වර්ෂයේ වාර්තා වූ සියයට 8.0 සිට 2025 මූල්‍ය වර්ෂයේදී සියයට 10.4 දක්වා ඉහළ ගොස් පළමු වරට ද්විත්ව ඉලක්කම් මට්ටමට ළඟා වී තිබේ. ඉපැයුම් කාර්යක්ෂමතාවේ වර්ධනයක් පිළිබිඹු කරමින් වත්කම් මත ප්‍රතිලාභයද සියයට 1.6 සිට සියයට 2.1 දක්වා ඉහළ ගොස් ඇත. පොදු කොටස් පළමු පෙළ අනුපාතය සියයට 13.0 ක් සහ සමස්ත ප්‍රාග්ධන අනුපාතය සියයට 14.7 ක් වූ අතර, එම අගය අවම නියාමන මට්ටම් වන සියයට 7 ට සහ සියයට 12.5 ට පැහැදිලි ලෙසම ඉහළින් පැවතීම බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව මැනැවින් පිළිබිඹු කරයි. 2025 වසර අවසන් වන විට ද්‍රවශීලතාව සම්බන්ධ ආරක්ෂිත සීමා ශක්තිමත්ව පැවති අතර, රුපියල් සහ සියලුම මුදල් වර්ග සඳහා ද්‍රවශීලතා ආවරණ අනුපාත පිළිවෙළින් සියයට 330.3 සහ සියයට 231.5 ක් සහ ශුද්ධ ස්ථාවර අරමුදල් අනුපාතය සියයට 142.5 ක් විය. මේ සියල්ල අවම නියාමන සීමාව වන සියයට 100 ට වඩා පැහැදිලි ලෙසම ඉහළ මට්ටමක පැවතිණි.
2025 වසර තුළ, විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර බලගැන්වීම, මූල්‍ය අන්තර්කරණය පුළුල් කිරීම සහ තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම ආදිය ඔස්සේ ලංකාවේ ආර්ථික සංවර්ධනයට දැක්වූ දායකත්වය සහ ඵලදායී ආයතනික සමාජ වගකීම් වැඩසටහන් ආදිය හේතුවෙන් අමානා බැංකුවට දේශීය හා ජාත්‍යන්තර ඇගයුම් රැසක් හිමි විය. The Asian Banker විසින් ලොව ශක්තිමත්ම ඉස්ලාමීය බැංකු 50 අතරට නම්කරනු ලැබීමට අමතරව, රටවල් 57 ක් ඇතුළත් වූ IsDB Private Sector Forum Awards හිදී ‘The Most Impactful ICD Investee Company’ සම්මානය හිමි කර ගැනීමටත්, PwC විසින් විනිශ්චය කරන ලද ICC Emerging Asia Banking Awards හිදී ‘Best Bank in Sri Lanka’ සහ ‘Best Performance in Asset Quality’ සම්මාන හිමි කර ගැනීමටත්, Islamic Finance Forum of South Asia Awards 2025 හිදී ‘Bank of the Decade සම්මානය හිමි කර ගැනීමටත් බැංකුවට හැකියාව ලැබිණි.
තම කොටස් හිමියන්ට අඛණ්ඩව ප්‍රතිලාභ පිරිනැමීමේ අරමුණින් අමානා බැංකුව අඛණ්ඩව 8 වැනි වරටත්, සියයට 4.3 ක ලාභාංශ අනුපාතයක් සහ සියයට 29 ක ගෙවීම් අනුපාතයක් සමගින් කොටසකට රුපියල් 1.30 ක අතුරු ලාභාංශයක් ප්‍රකාශයට පත් කළේය. අමානා බැංකුවේ කොටස් මිලද එහි ස්ථාවර කාර්ය සාධනය සහ වර්ධනය මැනැවින් පිළිබිඹු කරන අතර, 2024 වසර අවසානයේ රුපියල් 24.60 ක් වූ කොටසක මිල 2025 වසර අවසන් වන විට සියයට 20 කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ යමින් රුපියල් රුපියල් 30.00 ක් ලෙස වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd