ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය ඩිජිටල් බැංකුකරණ සේවාව රට පුරා ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ ඩිජිටල් ප්‍රවර්ධකයෙක් ලෙස නම් දැරූ චරිත් සිල්වා සමග අත්වැල් බැඳගත් අතර නවීන තාක්ෂණයෙන් අනූන සුරක්ෂිත හා පහසු බැංකු සේවා ලබාදීමෙහිලා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ දිගු කාලීන දැක්ම මෙම සබඳතාවෙන් පිළිබිඹු කෙරේ.
චරිත් සිල්වා මහතා, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඩිජිටල් සන්නාම තානාපති ලෙස නිල වශයෙන් පත් කිරීම, පසුගියදා කොළඹ පිහිටි ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණු අතර බැංකුවේ වැඩ බලන සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී, රෝහණ බණ්ඩාර වීරකෝන් මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ මෙම අවස්ථාවට සහභාගී වූහ.
ලෝකය වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් තිබෙන පසුබිමක ඩිජිටල් බැංකුකරණය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්ව ඇත. නව තාක්ෂණික ප්‍රවණතා අනුව වෙනස්වන ගනුදෙනුකරුවන්ගේ හැසිරීම් හා අවශ්‍යතා, ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය ඉහළ යාම සහ තත්කාලීන සේවා සඳහා පවතින ඉහළ ඉල්ලුම යන සාධක පදනම් කරගෙන වර්තමානයේදී බැංකු සේවා වෙත ළඟා වන ආකාරය සහ ඒවා භාවිත කරන ආකාරය පරිවර්තනයකට ලක්ව තිබේ. ඒ බව මනාව අවබෝධ කරගෙන, සිය ගනුදෙනුකරුවන්ට කාලෝචිත හා කාර්යක්ෂම බැංකුකරණ විසඳුම් ලබාදීම අරමුණ කරගෙන සිය ඩිජිටල් බැංකුකරණ සේවාව ප්‍රචලිත කිරීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව උත්සුක වේ.
ඩිජිටල් බැංකුකරණ සේවාව ව්‍යාප්ත කිරීමේ වැදගත්කම පහත දක්වා ඇති කරුණු මූලික කරගෙන හඳුන්වාදිය හැකිය. ශාඛා වෙත පැමිණීමෙන් තොරව පැය 24 පුරාම සේවා ලබාගැනීමේ හැකියාවල භෞතික මුදල් රහිත සහ ස්පර්ශ රහිත ගනුදෙනු සඳහා පවතින ඉහළ ඉල්ලුමල විශේෂයෙන් තවමත් විධිමත් බැංකු සේවාව වෙත යොමු නොවූ සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ජනතාව අතර මූල්‍ය අන්තර්ග්‍රහණය සහතික කිරීම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඉක්මන් සහ පහසු බැංකු සේවා ලබාදීම ගනුදෙනු වල ආරක්ෂාව, විනිවිදභාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාව.
මෙරට සුරක්ෂිතම හා විශ්වාසනීය බැංකුවක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය ගනුදෙනුකරුවන්ට ආරක්ෂාකාරී සහ පහසු බැංකු සේවා හිමිවන බව සහතික කිරීම උදෙසා නිරන්තරයෙන් කැපවී සිටින අතර එම අරමුණ බලගැන්වීම සඳහා වේගවත් ජංගම බැංකුකරණ යෙදුම්, අන්තර්ජාල බැංකු සේවාව සහ කාර්යක්ෂම ඩිජිටල් ගෙවීම් විසඳුම් වැනි නවීන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේද ආශ්‍රිතව විසල් ආයෝජන කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව, චරිත් සිල්වා මහතාගේ සෘජු සහභාගිත්වයෙන් සිදු වන මෙම ජාතික මට්ටමේ ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහන වසරක කාල සීමාවක් සියලු ජන කාණ්ඩ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
මෙම වැඩසටහන ඔස්සේ ජනතාව ඩිජිටල් බැංකු සේවා පිළිබඳව දැනුවත් කිරීම, ඒ සම්බන්ධයෙන් ඔවුන් තුළ විශ්වාසයක් ගොඩනැගීම සහ එහි භාවිතය ඉහළ නැවීම සිදු කෙරේ.
චරිත් සිල්වා මහතා මෙරට ඩිජිටල් මාධ්‍ය භාවිතය තුළ කැපී පෙනෙන චරිතයක් ලෙස හඳුන්වා දිය හැක.ලොව පුරා ප්‍රචලිත ඔහුගේ , Wild Cookbook, ඩිජිටල් වේදිකාව ඔස්සේ ඔහු සූප ශාස්ත්‍රය ආශ්‍රිත අපූර්ව හා සුවිශේෂී නිර්මාණ ඉදිරිපත් කරන අතර ඔහුගේ ජනප්‍රියභාවය ඉතා ඉහළ මට්ටමක පවතින බවට සාක්ෂි බොහෝය. මිලියන 10 කට වැඩි පිරිසක් ඔහුගේ YouTube නාලිකාවේ අනුගාමිකයන් වූ අතර ඒ අනුව, ඔහු එවැනි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් හිමි කරගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් විය. ලොව පුරා බිලියන ගණනක දර්ශන සංඛ්‍යාවක් ලබාගැනීම Forbes 30 Under 30 Asia ලැයිස්තුවට ඇතුළත්වීමල ශ්‍රී ලාංකික සංස්කෘතිය හා අනන්‍යතාවය ලොවට හඳුන්වාදීමට ඩිජිටල් වේදිකා ඔස්සේ ජනනය වන අවස්ථා හා විභවතාව සම්බන්ධයෙන් ඔහුගේ සාර්ථකත්වය ප්‍රබල සාක්ෂි සපයයි.
මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් ලෙස ශක්තිමත්ව නැගී සිටින ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඩිජිටල් සන්නාම තානාපති ලෙස චරිත් සිල්වා මහතා පත්කරගැනීම සාම්ප්‍රදායික ව්‍යාපාරික සබඳතාවකට හා ප්‍රචාරණ ව්‍යාපාරයකට එහා ගිය පුළුල් මුලපිරීමක් නියෝජනය කරන අතර ශ්‍රී ලංකාවේ ඩිජිටල් භාවිතය පුළුල් කිරීම ඉලක්ක කරගත් කාලීන හා ජාතික වශයෙන් වැදගත් ප්‍රයත්නයක් ලෙස හඳුන්වාදිය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd