ජාත්‍යන්තර දේපළ වෙළෙඳාම් සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Fracspace සමාගම, ශ්‍රී ලංකාවේ සිය මංගල ආයෝජනය සනිටුහන් කරමින්, “Altaira” නමැති අති සුඛෝපභෝගී කඳුකර සංවර්ධන ව්‍යාපෘතිය පසුගියදා කොළඹ සිනමන් ලයිෆ් පරිශ්‍රයේ දී නිල වශයෙන් එළිදක්වන ලදී. මෙම සුවිශේෂී උත්සවයට ව්‍යාපාරික, ආගන්තුක සත්කාරක, දේපළ වෙළෙඳාම් සහ ආයෝජන යන ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ ප්‍රභූවරුන් රැසක් සහභාගී වූ අතර, මෙය Fracspace සමාගම නිල වශයෙන් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට අවතීර්ණ වීම සනිටුහන් කළ සන්ධිස්ථානයක් විය.
සොබාදහම, නවීන වාස්තුවිද්‍යාව සහ අත්දැකීම් බහුල ජීවන රටාවක සුසංයෝගයෙන් නිර්මාණය වූ “Altaira” ව්‍යාපෘතිය පූර්ණ කළමනාකරණයෙන් යුත් සංචාරක නිකේතන පද්ධතියක් තුළ ස්ථාපිත පෞද්ගලික Condominium Villas 40කින් සහ සුඛෝපභෝගී Ridge Suites 24කින් සමන්විත වේ. මෙහිදී ආයෝජකයන්ට පෞද්ගලිකත්වය, සුවිශේෂී අත්දැකීම් සහ දිගුකාලීන අයිතියක වටිනාකම හිමිවේ. සමාරම්භක උළෙලේ දී ව්‍යාපෘතියේ පූර්ව-දියත් කිරීමේ ආයෝජන මිල ගණන් ද නිවේදනය කෙරුණු අතර, එහිදී Ridge Suites එකක් ඇමරිකානු ඩොලර් 180,000 සිට සහ Condominium Villa සුඛෝපභෝගී විලා එකක් ඇමරිකානු ඩොලර් 480,000 සිට ආරම්භ වන බව ප්‍රකාශ විය. මේ සඳහා ගෝලීය ආයෝජකයන් සහ නිවාඩු නිකේතන මිලදී ගන්නන්ගෙන් ඉහළ උනන්දුවක් හිමි විය.
“Altaira” ව්‍යාපෘතිය හරහා Fracspace සමාගම සිය ජාත්‍යන්තර ව්‍යාපාරික කටයුතු තවදුරටත් ව්‍යාප්ත කරන අතර, දේපළ වෙළෙඳාම් සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ඔවුන් සතු විශිෂ්ට පළපුරුද්ද ශ්‍රී ලංකාවට රැගෙන එයි. දිගුකාලීන ජීවන රටාවක් සහ පහසු කළමනාකරණ පද්ධතියක් සහිතිදෙවන නිවසක්’ (Second home) නිර්මාණය කිරීම සමාගමේ දැක්මයි. මෙහිදී අදහස් දැක්වූ Fracspace නිර්මාතෘ උන්නත් රෙඩ්ඩි මහතා අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ නැගී එන ගෝලීය සංචාරක ආකර්ෂණය සහ උපායමාර්ගික පිහිටීම නිසා එය මීළඟ පරපුරේ සුඛෝපභෝගී සංවර්ධන ව්‍යාපෘති සඳහා වඩාත් සුදුසුම ගමනාන්තය වන බවයි.
Fracspace Ceylon සමාගමේ අධ්‍යක්ෂ ධනුන තිලකරත්න මහතා අදහස් දක්වමින් “Altaira” පිහිටි භූමියේ සුවිශේෂත්වය පැහැදිලි කළේය. මුහුදු මට්ටමේ සිට අඩි 3,200ක් පමණ උසින් පිහිටි මෙය දුර්ලභ ස්වභාවික අභයභූමියක් බඳු බවත්, මීදුමෙන් වැසුණු කඳු පන්තිවලින් වටවී ඇති බැවින් සුවතාවය සහ විවේකය අපේක්ෂා කරන සංචාරකයන්ට මෙය කදිම ඉසව්වක් බවත් ඔහු පැවසීය. එමෙන්ම ‘The Inside Project’ හි ප්‍රධාන වාස්තුවිද්‍යාඥ රංග ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, භූමියේ ස්වාභාවික පරිසරය ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ පාරිසරික පොහොසත්කම සහ සංස්කෘතික සාරය විදහා දක්වන අයුරින් මෙය නිර්මාණය කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd