- RoRo (Roll-on/Roll-off) ගාල් කිරීමේ ධාරිතාව දෙගුණයකින් ඉහළට
- බහාලුම් ගාල් කිරීමේ ධාරිතාව සියයට 30කින් ඉහළට
මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් තත්වයත් සමගින් ගෝලීය නැව්ගත කිරීමේ ප්‍රමාණයන්හි සිදුව ඇති ඉහළ යාමට ප්‍රතිචාර ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) සිය මෙහෙයුම් ධාරිතාව පුළුල් කිරීමට කටයුතු යොදා ඇත.
විශේෂයෙන්ම මේ හරහා හම්බන්තොට වරාය නැගෙනහිර - බටහිර නැව්ගත කිරීම් කොරිඩෝවේ ප්‍රධානතම විකල්ප මධ්‍යස්ථානයක් බවට ස්ථානගත කිරිම එහි අරමුණ බවත් එම සමාගම සඳහන් කරයි.
ඒ අනුව බොහෝ නෞකා සමාගම් සිය මෙහෙයුම් මෙම බාධා සහිත මැදපෙරදිග නෞකා මාර්ග මගහරිමින් ස්ථාවර සහ කාර්යක්ෂම විකල්ප මාර්ග වෙත යොමුකිරීමට කටයුතු කිරීමත් සමගින්ම, හම්බන්තොට වරාය සිය RoRo (Roll-on/Roll-off) ගාල් කිරීමේ ධාරිතාව දෙගුණයක් කර ඇති බවත්, සිය බහාලුම් ගාල් කිරීමේ ධාරිතාව සියයට 30කින් ඉහළ නංවා ඇති බවත් පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හම්බන්තොට වරායේ ප්‍රධාන
විධායක නිලධාරී විල්සන් ක්යු මහතා මෙසේ පැවසීය.
“අද වන විට අපි ගෝලීය නැව්ගත කිරීම් රටාවේ යම් ව්‍යුහාත්මක වෙනස්කම් දකිනවා. හම්බන්තොට වරාය විදියට අපි මෙවැනි වෙනෙස්කම් වෙත ප්‍රතිචාර දැක්වීමට අපගේ ධාරිතාව සහ මෙහෙයුම් හැකියාව ගොඩනැගීමට අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම වරාය පිහිටා ඇති ස්ථානය හේතුවෙන් ගෝලීය නෞකා සමාගම් වෙත මෙවැනි තීරණාත්මක මොහොතකදී අවශය සහාය ලබාදීමට අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ අනුව කලාපය තුළ ප්‍රධානතම සැපයුම් සේවා සහ ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට වරායේ භූමිකාව ශක්තිමත් කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සහ හැකියාව වෙත ඉදිරියේදී අපි තවදුරටත් ආයෝජනය කරනවා.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd