- කාඩ්පත් සතු හිඟ ශේෂය රු. මිලියන 190,157 ක් වෙයි
මෙම වසරේ ජනවාරි මාසය අවසන් වන විට වාණිජ බැංකු මගින් නිකුත් කර ඇති සමස්ත සක්‍රිය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 2,176,299 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 දෙසැම්බර් මාසයේදී පැවැති සක්‍රිය කාඩ්පත් 2,166,186 හා සැසඳීමේදී කාඩ්පත් 10,113ක ඉහළ යාමකි.
ඉන් ගෝලීයව පිළිගන්නා කාඩ්පත් සංඛ්‍යාව දෙසැම්බර් මාසයේ පැවැති කාඩ්පත් 2,157,271 ක සිට ජනවාරියේදී කාඩ්පත් 2,167,456 ක් දක්වා කාඩ්පත් 10,185 කියන් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් දේශීයව පිළිගන්නා කාඩ්පත් සංඛ්‍යාව 8,915 ක සිට 8,843 ක් දක්වා කාඩ්පත් 72 කින් පහත වැටී ඇත.
මේ අතර 2026 ජනවාරි මාසය වන විට මෙම සක්‍රිය කාඩ්පත් සතුව ගෙවීමට ඇති හිඟ ශේෂයේ වටිනාකම රුපියල් මිලියන 190,157කි. ඒ අනුව එය 2025 දෙසැම්බර් මාසයේදී පැවැති රුපියල් මිලියන 189,706 හා සැසදීමේදී රුපියල් මිලියන 451ක ඉහළ යාමකි. මින් රුපියල් මිලියන 39,108 ක් දේශීයව පිළිගන්නා කාඩ්පත් සතුව පවතින අතර, රුපියල් මිලියන 151,049ක් ගෝලීයව පිළිගන්නා කාඞ්පත් සතුව පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd