- 2025 තෙවැනි කාර්තුව වනවිට රට තුළ LankaQR පද්ධතිය හරහා ගනුදෙනු 274,000 ක් පමණ සිදුවෙලා
භානුක අමරසිංහ
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව සංවිධානය කරනු ලබන, මූල්‍ය ගනුදෙනු සඳහා QR කේතය හඳුන්වාදීමේ වැඩසටහන (National QR Payment Adoption) නිල වශයෙන් ආරම්භ කිරීම අද (06) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
විශේෂයෙන්ම රට තුළ QR පාදක ගෙවීම් තවදුරටත් ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනෙහි අරමුණ බව සඳහන් වෙයි. එහි එක් අවස්ථාවක් ලෙස පසුගියදා ලබා දුන් කැබිනට් තීරණයකට අනුවද රුපියල් 5000 ට අඩු QR කේත ගනුදෙනු සඳහා ගාස්තු අය නොකිරීමට පියවර ගැනීම සිදු විය.
ඒ අනුව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ක්‍රියාත්මක මෙම හඳුන්වාදීම යටතේ QR ගනුදෙනුවකදී වෙළෙන්දා විසින් අදාළ ගෙවීම් පද්ධතිය වෙත ගෙවිය යුතු සේවා ගාස්තුව (merchant discount rate) ඉවත් කෙරෙන බව සඳහන් වෙයි.
ජාතික ඩිජිටල් ගෙවීම් වේදිකාව වන LankaQR පද්ධතිය හරහා මෙම QR පාදක ගෙවීම් පහසුකම සැපයෙන අතර, මූල්‍ය ආයතන 20ක් සහ ජංගම දුරකතන වැඩසටහන් 30ක් මෙම ගෙවීම් හා සම්බන්ධව සිටියි. එහෙත් මෙම ගාස්තු අය කිරිම හේතුවෙන් වෙළෙන්දන් QR පාදක ගෙවීම් සඳහා උනන්දුවක් නොදක්වන බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙම නව හඳුන්වාදීමත් සමගින්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම පාරිභෝගිකයන්ද මුදල් පාදක ගෙවීම්වල සිට QR පාදක ගෙවීම් වෙත යොමුවීමේ උනන්දුව ඉහළ යනු ඇතැයි රජයේ අදහස වී තිබේ.
දත්ත වාර්තා අනුව 2025 තෙවැනි කාර්තුව වනවිට රට තුළ LankaQR පද්ධතිය හරහා ගනුදෙනු 274,000 ක් පමණ සිදුව ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් බිලියන 1.18 කි. ඒ අනුව මෙය මාසයකට ගනුදෙනු 90,000ක් සහ රුපියල් මිලියන 390ක වටිනාකමක් ගනී. එහෙත් එය ප්‍රමාණවත් නොවන බව රජය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd