මෙරට තුළ ගෘහ කාණ්ඩය අනුව ලැප්ටොප් පරිගණක භාවිතය සියයට 19.7ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව 2024 වසරේ සිදු කළ ජන හා නිවාස සංගණනය යටතේ මෙම කරුණු අනාවරණය වී තිබේ. 2012 වසරේ සිදුකළ අවසන් සංගණනයේදී එය සියයට 5.6ක ප්‍රතිශතයක් ගෙන තිබුණි. 

මේ අතර ඩෙක්ස්ටොප් පරිගණක භාවිතය සියයට 15 සිට සියයට 7.4ක් දක්වා පහළ වැටී ඇතැයිද සඳහන් වෙයි. ජංගම දුරකතන භාවිතයද 2012 පැවැති සියයට 78.9 ක සිට 93.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

ඒ අනුව ගෘහ කාණ්ඩවලින් සියයට 94ක් පමණ ජංගම දුරකතන භාවිත කරන බව මින් පෙනී යන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.