- ASPI සියයට 6.14 කින් සහ S&PSL20 සියයට 6.49 කින් පහත වැටිලා
- උපයෝගිතා සමාගම් වටිනාකම් ඉහළට ප්‍රාග්ධන භාණ්ඩ සමාගම් වටිනාකම් පහළට
- මාසය තුළ පිටතට ගලා ගිය ශුද්ධ විදේශ ආයෝජනවල වටිනාකම රු.මි. 3,654ක්
- පෙබරවාරි මාසයට සාපේක්ෂව දෛනික පිරිවැටුමේ සාමාන්‍ය සියයට 16 කින් පහළට
මාර්තු මාසයේදී කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් කැපී පෙනෙන ලෙස පහත වැටීමකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) සියයට 6.14 කින්ද, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&PSL20) දර්ශකය සියයට 6.49 කින්ද පහත වැටී තිබෙන බව මාර්තු මාසය සඳහා වන කොළඹ කොටස් හුවමාරුවේ කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරමින් ඇම්බියොන් සිකියුරිටීස් ආයතනය පවසයි.
එහිදී මාර්තු මාසයේ පළමු ගනුදෙනු දිනය වූ 03 වැනිදා කොළඹ කොටස් හුවමාරුව දරුණු කඩා වැටීමකට ලක් වූ අතර, ඊට මැදපෙරදිග යුද ගැටුම් තත්වය හේතු විය. එසේම රජය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමගින්ම 10 වැනිදා යළිත් දරුණු කඩා වැටීමක් වාර්තා වූ බවත් එම ආයතනය සඳහන් කරයි.
මේ අතර මාර්තු මාසයේදී ලැයිස්තුගත සමාගම් අංශ අතරින් අංශ දෙකක් හැර අනෙකුත් සමාගම් අංශ 18 තුළම කොටස් වටිනාකම් කැපී පෙනෙන ලෙස පහත වැටීමක් සටහන්ව තිබේ.
මෙහිදී උපයෝගිතා සමාගම් අංශය මාර්තු මාසයේදී සියයට 1.92 ක වැඩිම වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, ප්‍රාග්ධන භාණ්ඩ අංශය සියයට 10.65 ක දැවැන්තම අඩු වීමක් පෙන්නුම් කර තිබේ.
මීට අමතරව මාර්තු මාසයේදී වෙළෙඳපොළ හරහා සිදු වුණු ශුද්ධ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 3,654 ක් ලෙස සටහන්ව ඇත.
එහිදී මාසයේ දින තුනක් හැර අනෙකුත් සියලුම දිනවලදී මෙලෙස ශුද්ධ විදේශ ආයෝජන පිටතට ගලායෑම් සටහන්ව තිබෙන බවත් ඇම්බියොන් සිකියුරිටීස් ආයතනය පවසයි.
මේ අතර මාර්තු මාසය තුළ දෛනික පිරිවැටුමේ සාමාන්‍ය රුපියල් මිලියන 4,706 ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙබරවාරි මාසයේ වාර්තා කළ රුපියල් මිලියන 5,616 හා සැසඳීමේදී සියයට 16ක අඩුවීමකි. එසේම ගනුදෙනු වූ කොටස් ප්‍රමාණයක මිලියන 222ක් වන අතර, එයද පෙබරවාරියේදී ගනුදෙනු වූ කොටස් මිලියන 228 හා සැසඳීමේදී සියයට 3ක අඩුවීමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd