කොමර්ෂල් බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කිරීමට යෝජනා කර ඇති රුපියල් බිලියන 20ක් වටිනා ණයකර නිකුතුව සඳහා අපේක්ෂිත ජාතික දිගුකාලීන A ශ්‍රේණියක් ලබා දෙන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.
බාසෙල් III අනුකූල, උපප්‍රධාන ණයකර නිකුතුවක් ලෙස සැලසුම් කර ඇති මෙය වසර පහකින්, හතකින් සහ දහයකින් කල් පිරෙන ලෙස නිකුත් කිරීම යෝජනාව වී තිබේ. එසේම එය ඉදිරියේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමත් සැලසුම වී ඇත. මෙම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් බැංකුවෙහි අදියර 2 ප්‍රාග්ධන පදනම තවදුරටත් ශක්තිමත් කරගැනීමටත්, ශේෂ පත්‍රයේ පවතින කල්පිරීමේ නොගැළපීම් අවම කරගැනීම සහ ණය වර්ධනය සඳහා දායක කරගැනීමත් අරමුණ බව කොමර්ෂල් බැංකුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd