පෙර වසරට සාපේක්ෂව අරමුදල සියයට 13 කින් වර්ධනය වෙලා
දායක මුදල් ලැබීම් සහ ආයෝජන අදායම් ඉහළ යෑම හේතුවයි
2025 වසර අවසන් වනවිට සේවක අර්ථ සාධක අරමුදලේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 4,942.90 ක් ලෙස වාර්තා වී තිබේ. ඒ අනුව මෙය 2024 වසර අවසානයේදී පැවැති රුපියල් බිලියන 4,375.70 ට සාපේක්ෂව සියයට 13 ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
විශේෂයෙන්ම ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ශුද්ධ සාමාජික දායක මුදල් ලැබීම් සහ ආයෝජන ආදායම් හේතුවෙන් පසුගිය වසරේ දී එම අරමුදල මෙලෙස තවදුරටත් වර්ධනය වී තිබේ.
ඒ අනුව 2025 වසරේදී මුළු සාමාජික දායක මුදල් ලැබීම් රුපියල් බිලියන 270.8 ක් ලෙස සටහන්ව තිබේ. එය 2024 දී වාර්තා කළ රුපියල් බිලියන 234.4 හා සැසඳීමේදී සියයට 15.5 ක වර්ධනයකි. එසේම 2025 වසරේදී අරමුදලේ සමස්ත ආයෝජන ආදායම රුපියල් බිලියන 552.7 ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2024 වසරේ වාර්තා කළ රුපියල් බිලියන 513.8 හා සැසඳීමේදී සියයට 7.6 ක වර්ධනයකි.
“කොළඹ කොටස් හුවමාරුවෙහි දක්නට ලැබුණු සැලකිය යුතු කාර්යසාධනය හේතුවෙන් වෙළෙඳපොළ මිල ගණන් මත ගණනය කරන ලද ශුද්ධ ලාබ ඉහළ යෑම සහ ඉහළ ලාභාංශ ආදායම්, ආයෝජන ආදායම් වර්ධනයට දායකත්වයක් දක්වන ලදී.“ මහ බැංකුව පවසයි.
ඒ අනුව 2025 වසර සඳහා සාමාජික ශේෂයන් මත සියයට 10.57 ක පොළී අනුපාතයක් ලබාදීමටද මහ බැංකුවේ පාලක මණ්ඩලය විසින් අනුමැතිය පළ කර ඇතැයිද සඳහන් වෙයි.
මේ අතර 2025 වසර අවසන් වනවිට සේවක අර්ථ සාධක අරමුදල වෙත දායක මුදල් ගෙවන සාමාජික ගිණුම් සංඛ්‍යාව ලක්ෂ 29ක් ලෙස සටහන් වන අතර, 2024 වසරේදීද එය එම අගයම ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd