
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආහාර හා පාන සේවා සපයන ආයතනයක් වන Russel’s (Pvt) Ltd සිය ආයතනය තුළ උසස් කාර්ය සාධනය හා වෘත්තීයමය සේවා ප්‍රමිති පවත්වා ගෙන යාමට දායක වූ සේවකයන්ගේ කැපවීම අගය කිරීමේ අරමුණෙන් මාර්තු මාසයට අදාළව විශිෂ්ට සේවකයන්ට සම්මාන පිරිනැමීය.
සෑම මාසයකම පැවැත්වෙන මෙම සම්මාන වැඩසටහන ආයතනය තුළ විවිධ සේවාවල නිරත වන කාර්ය මණ්ඩලයේ කැපවීම, වෘත්තීයමය හැසිරීම හා සේවා ගුණාත්මකභාවය උසස් මට්ටමක පවත්වා ගෙන යාමට සිදු කරන වැඩපිළිවෙළකි.
මාර්තු මස සම්මානලාභීන් ලෙස භාෂිණී විමන්සා (Employee of the Month), නුවන් චතුරංග (Outstanding Steward of the Month), අනෝජා දමයන්ති (Outstanding Stewardess of the Month), බිනාලි තුෂාරා (Best Catering Supervisor of the Month), අජිත් වසන්ත (Most Hardworking Staff Member of the Month) සහ ධනුක ධනංජය (Best Chef of the Month) නම් කරන ලදහ.
මෙම වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ Russel’s කළමනාකාරීත්වය සඳහන් කළේ, සේවකයන්ගේ කාර්ය සාධනය ඇගැයීම සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීමට වැදගත් බවයි. ආයතනයේ සාර්ථකත්වයට මූලික වන්නේ තම කාර්ය මණ්ඩලයේ කැපවීම බව ඔවුහු තව දුරටත් අවධාරණය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd