
කොළඹ වරාය නගරයේ පිහිටා ඇති තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට පනවා තිබූ සීමා ලිහිල් කිරීමට කටයුතු යෙදී ඇතැයි වාර්තා වෙයි.
2021 අංක 11 දරන කොළඔ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2475/28 දරන 2026 පෙබරවාරි 13 දිනැති ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරන ලද නියෝග සඳහා පසුගියදා පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ අනුමතිය හිමි වීමත් සමගින් මෙම අවස්ථාව උදා වී තිබේ.
විශේෂයෙන්ම විදේශීය සංචාරකයන් වරාය නගරයට පැමිණීම සියයට 1.5 තරම් අඩු අගයක් වාර්තා වී ඇති අතර, වරාය නගරයේ තිරු බදු සාප්පු තවත් ප්‍රචලිත කිරීමට මෙසේ දේශීය සංචාරකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීම අරමුණ බව පැවසෙයි.
මේ අතර, තීරු බදු රහිත භාණ්ඩ දේශීය වෙළෙඳපොළේ අනිසි ලෙස හුවමාරු වීම සම්බන්ධයෙන්ද වරාය නගරය ආර්ථික කොමිසම අවධානය යොමු කරන බවද මෙහිදී අනාවරණය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd