Exterminators PLC වේයන් පාලනයට නව ඩිජිටල් පරිවර්තනයක් ලෙස AI පදනම් කර ගත් Smart Missile 3G  හඳුන්වා දෙයි. Sentario UK Limited සමඟ එක් වී සංවර්ධනය කරන ලද මෙම පද්ධතිය ගොඩනැගිලි තුළට ප්‍රවේශ වීමට පෙර Silent Destroyers ලෙස හැඳින්වෙන වේයන් හඳුනා ගෙන පාලනය කිරීමට සැකසුම් කර ඇති ලෝකයේ පළමු කාබන්-නියුට්‍රල්  AI සක්‍රීය Termite Control Station එක වේ. 

Exterminators PLC 2009දී දකුණු ආසියාවේ ප්‍රථම වරට නිෂ්පාදනය කළ Smart Missile පද්ධතිය 2015දී ලෝකයේ පළමු කාබන්-නියුට්‍රල් සහතිකයද ලැබූ අතර නව පරම්පරාව AI හා ඩිජිටල් තාක්ෂණය සමග එක් කරමින් ප්‍රතිචාරාත්මක පාලනය වෙනුවට පෙර සූදානම් වීමේ පාලන ක්‍රමවේදයකට කර්මාන්තය රැගෙන යයි. මෙම පද්ධතිය ප්‍රතිචක්‍රියකරණය කළ ප්ලාස්ටික් භාවිතයෙන් නිෂ්පාදනය කර ඇත.

Smart Missile 3G හි ප්‍රධාන විශේෂාංග අතරට AI මගින් සජීවී දත්ත විශ්ලේෂණය කරමින් වේයන්ගේ ක්‍රියාකාරකම් කලින් හඳුනා ගැනීම, IoT සම්බන්ධතාව හරහා මොබයිල් යෙදුම් හා වෙබ් පද්ධති මගින් වත්මන් තත්වය නිරීක්ෂණය කිරීම සහ රසායන ද්‍රව්‍ය භාවිතය අවම කරමින් පරිසර හිතකාමී ලෙස ක්‍රියාත්මක වීම ඇතුළත් වේ. QR කේත මත පදනම් වූ නිරීක්ෂණ ක්‍රමවේදය සියයට 100 ක් නිවැරැදි වේ. 

Exterminators PLCකළමනාකරණ අධ්‍යක්ෂ මාලන් ෆෙරෙයිරා මහතා මෙසේ සඳහන් කළේය. “අපි සාම්ප්‍රදායික වේයන් පාලනයෙන් ඉදිරියට ගොස් AI සහ ඩිජිටල් තාක්ෂණය සමග නව පරම්පරාවක් ආරම්භ කරනවා. AI තාක්ෂණය ව්‍යාපාරයේ අනාගතය නොව වර්තමානයයි.”‍ මෙම පද්ධතිය සමග  Exterminators PLC AI පදනම් කර ගත් Report Factory හඳුන්වා දී TACCP 2000 ප්‍රමිතියට අනුකූල ස්වයංක්‍රීය අවදානම් ඇගැයීම් ක්‍රමයක්ද ක්‍රියාත්මක කර ඇත. සමාගම ISO 9001, 14001, 45001 සහ 22000 සහතික සමඟ ජාතික සහ ජාත්‍යන්තර සම්මාන 71ක් දිනා ඇති අතර BPCA (UK), NPMA (USA), SPMA (Singapore) සහ FAOPMA  වැනි ජාත්‍යන්තර සංවිධාන සමඟ සම්බන්ධ වී ඇත. Exterminators PLC වර්තමානයේ මෙම නවීන තාක්ෂණය ආසියානු සහ යුරෝපීය වෙළෙඳපොළ වෙත ගෙන යාමට ජාත්‍යන්තර බෙදා හැරීමේ හවුල්කරුවන් සොයමින් සිටී.