
ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය (NBFI) වන LOLC ෆිනෑන්ස් පීඑල්සී, 2026 LankaPay Technnovation සම්මාන ප්‍රදානයේදී අවිවාදිත ජයග්‍රාහකයා බවට පත්වෙමින්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය යලිත් ඔප්පු කිරීමට සමත් විය. ඩිජිටල් මූල්‍ය නවෝත්පාදනයේ බලමුළුවක් බඳු වූ LOLC ෆිනෑන්ස් මෙහිදී රන් සම්මාන හතරක්, රිදී සම්මානයක් සහ කුසලතා සම්මානයක් ඇතුළුව කීර්තිමත් සම්මාන හයක් ආකර්ශනීය ලෙස දිනා ගනිමින්, මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ සිය ආධිපත්‍යය තහවුරු කළේය. ඩිජිටල් ගෙවීම්වල සමස්ත විශිෂ්ටත්වය සඳහා වූ රන් සම්මානය අඛණ්ඩව හත් වැනි වසරටත් ජයග්‍රහණය කිරීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනේ.
2026 මාර්තු 24 වැනිදා කොළඹ සිනමන් ලයිෆ් - සිටි ඔෆ් ඩ්‍රීම්ස් හිදී පැවති මෙම සම්මාන උළෙලේදී, ශක්තිමත්, ආරක්ෂිත සහ පාරිභෝගිකයා මුල්කරගත් ඩිජිටල් මූල්‍ය සේවා පද්ධතියක් ගොඩනැගීම සඳහා වූ LOLC ෆිනෑන්ස් ප්‍රයත්නයේ සාර්ථක ගමන් මඟ පිළිගැනීමට ලක්විය. මෙම ජයග්‍රහණයේ කේන්ද්‍රය වූ iPay, ශ්‍රී ලංකාව පුරා පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා බාධාවකින් තොර, එදිනෙදා මූල්‍ය ගනුදෙනු මෙහෙයවන අතර, ගනුදෙනුකරුවන් ඩිජිටල් ගෙවීම් හා සම්බන්ධ වන ආකාරය හැඩගැස්වීමටද සමත් වී තිබේ.
LOLC ෆිනෑන්ස් හි ශක්තිමත් ඩිජිටල් හැකියාව තවදුරටත් පිළිබිඹු කරමින්, මෙහිදී විවිධ කාණ්ඩ යටතේ පිළිගැනීමට ලක් විය.
- ඩිජිටල් ගෙවීම්වල සමස්ත විශිෂ්ටත්වය උදෙසා වූ රන් සම්මානය (බැංකු නොවන මූල්‍ය ආයතන)
- සිල්ලර ගෙවීම් සඳහා වසරේ විශිෂ්ටතම ඩිජිටල් ගෙවීම් යෙදුම සඳහා වූ රන් සම්මානය (බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන)
- වසරේ හොඳම LankaSign ඩිජිටල් අත්සන සක්‍රීය කරන්නා සඳහා වන රන් සම්මානය
- වසරේ හොඳම රජයේ ඩිජිටල් ගෙවීම් සක්‍රීය කරන්නා සඳහා වූ රන් සම්මානය (බැංකු නොවන මූල්‍ය ආයතන)
- වසරේ දේශ සීමා හරහා ගනුදෙනු සක්‍රීය කරන්නා - රිදී සම්මානය
- වසරේ ජනප්‍රියතම ඩිජිටල් ගෙවීම් විසඳුම (මධ්‍යම හා කුඩා බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන) - කුසලතා සම්මානය
මිලියන 1.2 ඉක්මවූ බාගත කිරීම් සහ මාසිකව මිලියන 1.8 කට වඩා ගනුදෙනු සකසමින් iPay, සියයට 50 කට වැඩි JustPay වෙළෙඳපොළ කොටසක් සමග වෙළෙඳපොළේ පෙරමුණ ගැනීමට සමත්ව සිටී.
ඩිජිටල් ගෙවීම් යෙදුමක සිට, ජීවන රටාව හා මුළුමනින් ඒකාබද්ධ වූ වේදිකාවක් දක්වා පරිණාමය වූ iPay,, වෙළෙඳුන්ට ගෙවීම් සහ අරමුදල් හුවමාරුවල සිට උපයෝගිතා බිල්පත් පියවීම් සහ රජයේ ගෙවීම් දක්වා පාරිභෝගිකයන්ට සිය දෛනික මූල්‍ය අවශ්‍යතා බාධාවලින් තොරව කළමනාකරණය කිරීමට අවස්ථාව හිමිකරු දී තිබේ. එමගින් මූල්‍ය ඇතුළත් කිරීම නව තලයකට රැගෙන යන අතර ඩිජිටල් ගෙවීම් වල පහසුව යළි අර්ථ දක්වා තිබේ.
පාරිභෝගිකයන්ගෙන් ඔබ්බට සිය බලපෑම ව්‍යාප්ත කරමින්, iPay Business පරිපූර්ණ ඩිජිටල් විසඳුම් පෙළක් මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (MSMEs) අඛණ්ඩව සවිබල ගන්වයි. LankaQR, කාඩ්පත්, විදේශීය සහ බිල්පත් ගෙවීම් පිළිගැනීම සක්‍රීය කිරීමේ සිට, ආරක්ෂිත අන්තර්ජාල ගෙවීම් මෙවලමක් ලබාදීම දක්වා මෙම ඩිජිටල් වේදිකාව, iAds සහ ව්‍යාපාර පාර වර්ධනයට සහාය වන වෙළෙඳපොළ විශේෂාංග සමගින් තවදුරටත් වැඩිදියුණු කර ඇත. සංචාරක වෙන්කරවා ගැනීමේ කළමනාකරණ පද්ධති, ඉන්වෙන්ටරි මෙවලම්, මූලික මානව සම්පත් ක්‍රියාමාර්ග සහ ඒකාබද්ධ ගිණුම්කරණ විශේෂාංග ඇතුළු ඉදිරියේදී එක්කරන හැකියාව සමග iPay Business ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පරිසර පද්ධතියේ පරිපූර්ණ ඩිජිටල් වර්ධන හවුල්කරුවකු ලෙස තහවුරු වෙමින් සිටී.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් LOLC ෆිනෑන්ස් ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් තිලකරත්න මහතා මෙසේ පැවසීය. “සමස්ත විශිෂ්ටත්වය සඳහා වන රන් සම්මානය අඛණ්ඩව හත්වැනි වසරටත් ජයග්‍රහණය කිරීමෙන් LOLC ෆිනෑන්ස් හී ආවේනික ශක්තිය, ඔරොත්තු දීමේ හැකියාව සහ එහි අනාගත අපේක්ෂාවන් පිළිබිඹු කෙරේ. ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරය දිනූ සහ වටිනාම මූල්‍ය සේවා සන්නාමය ලෙස, අපගේ ගමන් මඟ සැමවිටම ජාතියේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක (MSME) අංශයේ අභිලාෂ හා සමීපව සම්බන්ධ වී ඇත. ආරක්ෂාකාරී සහ ප්‍රවේශ විය හැකි මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා අප සතු හැකියාව මත පරම්පරා ගණනාවක ගනුදෙනුකරුවන් තබා ඇති විශ්වාසය මෙම සම්මාන මගින් සලකුණු කෙරේ. අපගේ උපායමාර්ගික අවධානය යොමු වී ඇත්තේ විශ්වාසයෙන් හා සිතේ සැනසිල්ලෙන් යුතුව සෑම පුද්ගලයකුම ඩිජිටල්කරණයෙන් සක්‍රීය මූල්‍ය සේවා පද්ධතියක් හරහා මූල්‍ය සේවාවලට පහසුවෙන් ප්‍රවේශ වීම සහතික කරලීම පිළිබඳවයි.”
තිරසාර අන්දමින් මෙලෙස පිළිගැනීම, පාරිභෝගික විශ්වාසය බවට පරිවර්තනය වී ඇති බව LOLC ෆිනෑන්ස් හි තැන්පතු සංචිතය නිරන්තරයෙන් ව්‍යාප්ත වීම මඟින් පිළිබිඹු වේ. ඕනෑම බැංකුවක් සඳහා එක් යෙදුමක්’ යන සංකල්පය යටතේ ගොඩනංවා ඇති iPay වැනි ඩිජිටල් වේදිකාවන්හි විශ්වසනීයත්වය සහ එදිනෙදා භාවිත හැකියාව තුළින් ගනුදෙනුකරුවන්ට තනි අතුරු මුහුණතක් තුළ බැංකු ගිණුම් කිහිපයක් සම්බන්ධ කරගත හැකිවේ. එහිදී ඔවුන්ට තමන් කැමති ගිණුම තෝරා, සිය මූල්‍ය කළමනාකරණයේ නම්‍යශීලීභාවය සහ පාලනය වැඩි දියුණු කළ හැකිය.
QR එහි ශීඝ්‍ර පරිණාමය සහ ගෝලීය පැවැත්ම සවිමත් කරමින්, දේශසීමා හරහා ගෙවීම් හැකියාව ඔස්සේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍යකරණ පද්ධතියේ පෙරමුණ ගනිමින් සිටී. ප්‍රධාන ගෝලීය ජාල හරහා ලංකා ූඍQR -සක්‍රීය ජාත්‍යන්තර ගනුදෙනු සඳහා QR පහසුකම් සපයන අතර, විදේශීය සංචාරකයන්ට එමගින් බාධාවකින් තොරව QR පාදක ගෙවීම් කළ හැකිවේ. UPI ගනුදෙනු ඊට ඇතුළත් වන අතර, ඉන්දියානු සංචාරකයන්ට එමගින් QR කේතයක් ස්කෑන් කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ ක්ෂණික ගෙවීම් කිරීමට අවස්ථාව සලසයි. AliPay පුළුල් ආසියානු වෙළෙඳපොළ පරිශීලකයන්ට සහාය වන අතර, UnionPay චීන ගනුදෙනුකරුවන් සඳහා ප්‍රධාන ගෙවීම් මෙවලමක් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd