- මාර්තු මාසයේ තේ අපනයනය කිලෝ මිලියන 19.73ක්
- ඉහළම තේ ආනයනකරුවා ලෙස ඉරාකය තේ කිලෝ මිලියන 8.75ක් මිලදී ගෙන
- ජනවාරි - මාර්තු තේ අපනයනයත් කිලෝ මිලියන 2.84 කින් පහළට
- ක්ෂණික තේ සහ හරිත තේ හැර අනෙක් සියලුම වර්ග අපනයනය අඩු වෙලා
2025 වසරේ මාර්තු මාසයේදී මෙරට තේ අපනයනය කිලෝ මිලියන 19.73ක් ලෙස සටහන්ව තිබේ. කෙසේ වෙතත් එය 2025 වසරේ මාර්තු මාසයේදී කළ කිලෝ මිලියන 23.43 ක තේ අපනයනය හා සැසඳීමේදී කිලෝ මිලියන 3.70 ක අඩුවීමක් බව තේ වෙන්දේසි ආයතනයක් වන Forbes & Walker Research පවසයි.
මෙහිදී ක්ෂණික සහ හරිත තේ හැර තේ තොග, තේ පැකට්ටු සහ තේ බෑග් යන කාණ්ඩ සියල්ලගේම අපනයනය මාර්තු වේදී අඩුවීමක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව වැඩිම අඩුවීම ලෙස තේ තොග කිලෝ මිලියන 10.4 ක සිට 7.4ක් දක්වා 3.04 කින්ද, තේ පැකට්ටු කිලෝ මිලියන 9.86 ක සිට 9.13 ක් දක්වා කිලෝ 729,346කින්ද, තේ බෑග් කිලෝ මිලියන 2.41 ක සිට 2.33 ක් දක්වා කිලෝ 84,013 කින්ද පහත වැටී තිබේ.
ක්ෂණික තේ කිලෝ 245,107 ක සිට 351,107 ක් දක්වා කිලෝ 106,000 කින්ද, හරිත තේ කිලෝ 416,540 ක සිට 464,358 ක් දක්වා කිලෝ 47,817 කින්ද ඉහළ නැග තිබේ.
මාර්තු මාසයේදී මෙරට තේ වැඩියෙන් ආනයනය කළ රට ලෙස ඉරාකය සටහන්ව තිබේ. එය කිලෝ මිලියන 8.75 ක් එනම් 2025 මාර්තු මාසයට සාපේක්ෂව සියයට 3ක ඉහළ යාමකි. දෙවැනි තැන පසුවන තුර්කියේ තේ ආනයනය කිලෝ මිලියන 7 කි. තේ කිලෝ මිලියන 5.34 ක ආනයනයක් සමගින් රුසියාව තෙවැනි ස්ථානයේ පසුවෙයි. අසර්බයිජානය තේ කිලෝ මිලියන 3.04ක් සමගින් සිව්වැනි ස්ථානයේද, එක්සත් අරාබි එමීරය තේ කිලෝ මිලියන 2.71 ක් සමගින් පස්වැනි ස්ථානයේද පසුවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd